ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසොස් නැවතත් අංක 1 ධනවතා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසොස් නැවතත් අංක 1 ධනවතා වෙයි

ඇමසන් නිර්මාතෘ ජෙෆ් බේසොස් නැවතත් අංක 1 ධනවතා වෙයි

පසුගිය ජනවාරි මාසයේ 49 හැවිරිදි ටෙස්ලා හා ස්පේස්X සමාගමේ නිර්මාතෘ වන ඉලෝන් මස්ක් ලොව සුපිරි ධනතුන්ගේ ලැයිස්තුවෙහි සිටි ඇමසන් සමාගමෙහි නිර්මාතෘ වන ජෙෆ් බේසෝස් අභිබවා ප්‍රථම ස්ථානයට පත් වුණා. එහෙත් ඉලෝන් මස්ක්ට එහි සතුට සමරන්නට වූයේ කෙටි කාලයකි. ඒ පසුගිය පෙබරවාරි 17 වනදා නැවතත් ජෙෆ් අංක 01 ට පැමිණීම නිසාවෙනි.

 

 

කෙසේ වෙතත් ටෙස්ලා සමාගමේ එක් කොටසක මිල ඩොලර් බිලියන 796.22 ක් 2.4% ක ප්‍රතිශතයක් දක්වා පහත වැටීමෙන් මස්ක්ගේ වත්කමද ඩොලර් බිලියන 3.9 කින් පහතට වැටීම සිදු වූවා. 2017 වසරේ සිට පසුගිය මාසය වන තෙක් ලොව ධනවත්ම පුද්ගලයා බේසොස් වූ අතරම, ඔහුගේ සමාගම වන ඇමසන් හි මෑත වසරවලදී කොටස් මිල ඉහළ යාමෙන් පෞද්ගලික ධනයද ඉහළ මට්ටමකට ළඟා විය. එපමණක් නොව 2020 අගෝස්තු මාසය වන විට ඩොලර් බිලියන 200 කට අධික වූ වත්කමකට හිමිකම් කියන ප්‍රථම පුද්ගලයාද විය.

 

 

එසේම 2018 වසරේදී ඩොලර් බිලියන 150 සීමාව පසු කළ පළමුවැන්නාද බේසොස් විය. පෙබරවාරි මස මුලදී ජෙෆ් බේසෝස් සිය ප්‍රධාන විධායක තනතුරෙන් වසර අවසානයේදී ඉල්ලා අස්වන බවද නිවේදනය කළේය. ඒ වෙනුවට ඇමසන් වෙබ් සේවා ප්‍රධාන විධායක ඇන්ඩෘ ජැසී පත් කිරීමට නියමිතයි. එහෙත් බේසොස් තමා ආරම්භ කළ සමාගම පිළිබඳව විමසිල්ලෙන් පසුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයින් ඔහුට ඔහුගේ බ්ලූ ඔරිජින් රොකට් සමාගම, වොෂින්ටන් පෝස්ට් ඇතුළු අනෙකුත් ව්‍යාපෘතීන් කෙරෙහි වැඩි අවධානයක් හා කාලයක් ගත කිරීමට හැකි වනු ඇතැයිද පැවසේ.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

875 Views

Comments

arrow-up