බිරිද සැක කර කැපූ බොරු වලේ මහ රෑ සැමියාම වැටිලා

බිරිඳව සැක කර හොර ඇල්ලීමට තමා විසින්ම කැපූ වලක වැටුණු සැමියෙකු පිළිබඳ පුවතක් වාර්තාවනවා.
මෙම සැමියාට තම බිරිඳ ගැන සැකය ඇති වී ඇත්තේ ඇයව විවාහ කරගත් දා සිටයි. එයට ඇය තමාට වඩා රූමත් යැයි ද, ඔහුගේ රැකියාව වන කුරුඳු තැලීම පහත් රැකියාවක් බවටද ඔහුගේ සිතේ තිබූ හීනමානය හේතු වී තිබුණා.
කුරුඳු තැලීමට ඔහු නිවසින් බැහැරව යන්නේ සිතකින් නොවන අතර එසේ ගොස් රැයක් නිවසට පැමිණීමට නොහැකි වූ විට ඔහුට එම රැය ගෙවා දැමීමත් ඉතා අපහසු කටයුත්තක් වුණා.
ඔවුන්ගේ නිවස පිටුපස තිබුණේ මදක් කැලෑබද ප්‍රදේශයක් වන අතර සැකය නිසාම ඔහු එම කැළැ පෙදෙසට ගමන් කරන මාර්ගය මධ්‍යයේ බොරුවලක් කපා දැම්මේ බිරිඳ නිවසේ නොමැති වේලාවක් බලාගෙනයි.
මෙසේ කාලය ගත වෙද්දී ඔහු සිය නිවසට රාත්‍රියේ කිසිවෙක් පැමිණෙතැයි යන සැකය දුරුකරගෙන තිබුණා.
මොහු නිවසේ රුඳී සිටි එක් රැයක මොහුට තදබල ලෙස බඩේ අමාරුවක් සෑදුණ අතර ඉතා ඉක්මනින් වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් මතුවුණත් ඔහුගේ බිරිඳ වැසිකිලියේ සිටීම නිසා යාබද කැලයට දිවගියත් ‘ බුදු අම්මෝ මන් ඉවරෝ’ යැයි කෑගසමින් ඔහු කැුපූ වලටම ඔහු වැටුණේ බිරිඳ ගැන තිබූ සැකයද නිමා කරගෙනයි.
කෙසේ වෙතත් වල කැපූ හේතුව සඟවා සතෙකු දඩයම් කිරීමට වල කැපූ බව එම අවස්ථාවේ පැවසුවත් තම ලඟම මිත්රයෙකුට සත්‍ය පවසා තිබුණා.
1450 Views
Comments