ලංකාවේ ධනවත් ලාබාලතම තරුණියගෙන් ආදර්ශයක්

ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ලාබාලතම රූපලාවණ්‍ය ශිල්පිනියක් ගැන අද අපි කතා බහ කරන්නට සිතුවා. ඇය ලාබාලතම මෙන්ම ලංකාවේ ධනවත්ම තරුණිය ලෙසද හදුන්වන්න පුළුවන්.
මහනුවර පදිංචි ඇය නමින් මාෂි නෙහංශා. ජීවිතයේ දුක, කදුළු අතරින් සිය පවුලම සාර්ථකත්වයට ගෙනා ඇය පිළිබඳව ගෙන එන්නට සිතුවේ ඇය අද ඉන්නා තත්වයට පැමිණෙන්නට බොහෝ කම්කටොළු මැද දුර ගමනක් පැමිණි නිසාවෙන්. කෙතරම් ජීවිතයේ වැටීම් වලට ලක් වුවද ඒ හැම වැටීමකදීම නැවත ශක්තිමත් ඉලක්කයක් අප සතුව තිබිය යුතු බවත් වටහා දෙන්නටය. මේ ඇයගේ ජීවිත කතාවයි. කුඩා කඩයක, එක් පුටුවක්, පනා කිහිපයක් හා කණ්නාඩියක් මඩවල සැලොන් එක ඇය ආරම්භ කළා. වසර දෙකක් යනතුරු ඇය එම සැලොන් එකෙන් එන ආදායම කිසිම දේකට වියදම් නොකර සැලොන් එකට අවශ්‍ය භාණ්ඩ ටික මිලදී ගත්තා. ඉතා කෙටි කාලයකදී ඇය එම ප්‍රදේශයේ තිබූ අංග සම්පූර්ණ සැලොන් එකක හිමිකාරිණිය වුණා.
වයස අවුරුදු 26 දී ඇය නුවර සැලොන් එකක් ආරම්භ කළා. එහෙත් නොසිතූ නොපැතූ වේලාවකදී ආදරයක් නිසා ඇය විසින් මෙතෙක් ගොඩනගා ගත් සියළු දේ ඇයට අහිමි වී ගියා. සියළු දේ අහිමි වූවා පමණක් නොවෙයි ඇයගේ මානසික තත්වයෙන්ද පහතට වැටුණා. ඇය ඇගේ මිතුරියන් සොයා කොළඹ ගියා. ඇයගේ මානසික පීඩනය කෙතරම්ද කිවහොත් යන යන තැන ක්ලාන්ත දාන්නට පටන් ගත්තා. මාස 1 1/2 ක් පමණ ඇය බෙහෙත් මත යැපුණා. ඇය සාර්ථකව ව්‍යාපාරය ගෙන ගිය කාලයේදී ඇයට සැලෝන් එකේ වැඩ කටයුතු පහසු කරගැනීම සඳහා ජංගම දුරකථන ඇප් එකක් අවශ්‍යව තිබුණා. මේ සඳහා ඇය දන්නා හදුනන ලසන්තට පණිවිඩයක් යැව්වද එයට පිළිතුරු ලැබුණේ ඇයගේ ව්‍යාපාරයෙහි කඩා වැටීමෙන් පසුවයි. එහෙත් කෑම බීමට වත් අතේ මුදල් නොමැතිව සිටි ඇයට මෙම ගැටළුකාරී තත්වයෙන් මිදෙන්නට ඔහු සහය දුන්නා.
" ඔයා ඔය හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තොත් ඉක්මනින්ම නැති වුණ තැන ඉඳන් පටන් ගන්නට පුළුවන් " ඇය ඇගේ ප්‍රශ්න සියල්ල අමතක කරමින් අන්තර්ජාලය හරහා වෙනස් ආකාරයේ සැලොන් පිළිබඳව සොයන්නට පටන් ගත්තා. " හොඳ දේ හිතනා විට එය ලැබෙන්නට පටන් ගන්නවා " ඇය පවසනවා. පැරැණි සේවාදායකයින් ඇයට කථා කරන්නට පටන් ගන්නවා. එතැනින් ඇය නැගිටින්නට සමත් වුණා. අද වන විට ඇය ධනවත් ව්‍යාපාරිකාවක්. ඇගේ මතයන් විශේෂිතයි. එයින් ඇය මනාලියක් හැඩගන්වන විට ඇය ඒ මනාලිය එදින ඉන්න ලස්සනම මනාලිය බව සිතනවා. එසේම තමන් භාරගන්නා රාජකාරියක් එය ඉවර වන තෙක් කළ යුතු යන්නත් විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයකින් ලැබෙන ආදායම හෝ ඉන් වැඩි කොටසක් නැවත එම ව්‍යාපාරයටද යොදවන්න ඕන. ඒ ඇයගේ මතයයි. මෙහිදී මෙවැනිම ලෙස ක්‍රියාකරන ලොව ධනවතෙකු වන එලෝන් මස්ක්ද මතකයට නැගේ. කෙසේ වෙතත් වාසනාව තමන්ට පැමිණෙන තෙක් නොසිට අපට වාසනාව සෙවීමට ඉලක්කගතව කටයුතු කිරීමයි. ඇය වැනි දිරිය තරුණියන් ලැබීමද මේ රටට වාසනාවක් බව ඔබ පිළිගන්නවාද ?
by Kaushalya De Silva
Photo source : Internet
1283 Views
Comments