මාරවිල උසාවියේ ඇත්තම නඩුකාර හාමුදුරුවෝ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

මාරවිල උසාවියේ ඇත්තම නඩුකාර හාමුදුරුවෝ

මාරවිල උසාවියේ ඇත්තම නඩුකාර හාමුදුරුවෝ

2019.08.17 දින මාරවිල උසාවි භූමියේ සිදුවූ සංවේදී සිදුවීමක්

 

අවුරුදු දෙකක් පමණ වයසැති තම සිඟිති දියණියත් සමඟ තරුණ මවක් නඩත්තු ලබාගැනීමට උසාවියට පැමිණ සිටියා.

 

ඇයගේ සැමියාද තරුණ වයසේ කෙනෙකු වූ අතර සිඟිති දියණිය තම පියා දෙසට දෑත දිගු කරමින් සිනාසෙන්නට වුණා.

 

එම දියණිය තම පියා දුටුවේ වසරකින් පමණ පසුව වූ අතර නඩත්තු මුදල්ද ගෙවා තිබුණේ නෑ.

 

නීතීඥවරුන් දෙදෙනෙක් තම සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටිමින් නඩත්තු ගෙවන්න බැරි හේතුත් ගෙවන ලෙස කරුණුත් ඉදිරිපත් කරනවා.

 

සිඟිති දියණිය අම්මා, තාත්තා දෙස මාරුවට බලමින් මවගේ අතේ. උසාවියම නිහඬයි.

 

එක් විනිශ්චයකරුවෙක් පියාගෙන් අහනවා "තමන් තාත්තා කෙනෙක් නේද”‍? කියලා.

 

“මේ දරුවා තමුන් ලඟට එන්න, කතාකරන්න, තමුන්ව බලන්න ආසාවෙන් ඉන්නවා තමුන්ට දැනෙන්නෙ නැද්ද” කියලා අහද්දි පියා බිම බලාගෙන මුණිවත රකිනවා.

 

“අපේ ගෙදර බල්ලත් පුංචි පැටවු උස්සගෙන එහාට මෙහාට යනවා ආදරේට, තමුන් දන්නවද තිරිසන් සත්තුත් තමන්ගේ දරුවන්ට ඔයිට වැඩිය ආදරෙයි”.

 

“දරුවව පොඩ්ඩක් වඩාගන්නවා” අනෙක් පැත්තෙ විනිසුරුතුමා වගඋත්තරකරුගෙන් ඉල්ලා සිටිනවා.

 

ඔහු දරුවව වඩාගන්නවා. “තමුන්ට මොකද දැනෙන්නෙ” ඔහු පියාගෙන් අසනවා.

 

ඔහු නිහඬයි. “පුතා ඔය කවුද වඩාගෙන ඉන්නෙ” චූටිදුව සිනාසෙනවා. මුලු උසාවියම රහසේ අඬනවා.

 

“තමුන් අකමැතිද සාමදානවෙලා මේ චූටි දුවත් එක්ක ගෙදර යන්න”, “ කැමතියි ස්වාමීනී”, පියා මුව විවර කරනවා.

 

“මම නඩුව බහා තියන්නම්, තුන්දෙනත් එක්කම ගෙදර යන්න.” උසාවියම සැනසුම් සුසුමන් හෙලනවා.

 

සමහර විට විනිශ්චයකාරතුමත් දරුවන් සිටින පියෙකු වන්නට ඇති කෙසේවෙතත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා වන ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම “නඩුකාර හාමුදුරුවෝ” කෙනෙක්.

 

උපුටා ගැනීමකි.

views

2452 Views

Comments

arrow-up