දරුවන් හතක් හදපු මවක් පාරට වැටෙද්දී එකම ලේලිය ඇයට පිහිට වෙයි - නැන්දම්මා ලේලි ගැටුම උඩුයටිකුරු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

දරුවන් හතක් හදපු මවක් පාරට වැටෙද්දී එකම ලේලිය ඇයට පිහිට වෙයි - නැන්දම්මා ලේලි ගැටුම උඩුයටිකුරු වෙයි

දරුවන් හතක් හදපු මවක් පාරට වැටෙද්දී එකම ලේලිය ඇයට පිහිට වෙයි - නැන්දම්මා ලේලි ගැටුම උඩුයටිකුරු වෙයි

ලේලි නැන්දම්මා ගැටුම් අප අසා ඇත්තෙමු.නමුත් මේ පවසන්නේ එය උඩුයටිකුරු කරමින් සිදු වූ සිද්දිදාමයක් ගැනය.

 

මෙය වාර්තා වන්නේ කෑගල්ලෙනි.කෑගල්ල මහ රෝහලට වයෝවෘද්ධ 80 හැවිරිදි මවක් මීට සති කිහිපයකට කලින් ගෙනවිත් දැම්මේ පවුලේ වැඩිමහල් දියණිය විසිනි.එම මව දාව දරුවන් 7 කි. ලකී සෙවන් ලෙස ඉංගීරිසියෙන් පැවසුවද අද වන විට එම මාතාව රැකබලා ගැනීමට කිසිදු දරුවෙකු නොමැත.

 

වැඩිමහල් දියණිය මෙලෙස මව රෝහලට රැගෙනවිත් දමා පලා ගියේද රෝහලෙන් හෝ ඇයව අනාත නිවාසයකට රැගෙන යයි සිතාය.

 

කෙසේ නමුත් කාත් කවුරුත් නොමැති දින ගණනක් හැඩු කදුළින් කල් ගෙවු එම මාතාව රැගෙන යාමට ඇයගේ එකම ලේලිය ඉදිරිපත් වූවාය.ඇය රෝහලට වාහනයක්ද රැගෙන පැමිණ මෙම වයෝවෘද්ධ මාතාව සිය නිවසට ඉකුත්දා රැගෙන ගියාය.


මෙම මහලු කාන්තාවගේ ස්වාමියා මීට වසර තුනකට ඉහතදී මිය ගොස් ඇත.ඔවුනට අයිති ඉඩම් පවා මෙම දරුවන් ලියා ගෙන ඇත.

 

මෙම මව රැක බලා ගැනීමට කිසිවෙකු නොමැති වූ කල මීට ඉහතදී මෙම ප්‍රශ්ණය පොලිසියට පවා ගොස් තිබේ.එහිදී පොලිසිය පවසා ඇත්තේ මෙම මව දෙසතියක කාලයක් එක් දරුවෙකු බලා ගත යුතුය යන්නය.

 

මෙම මව දාව ගැහැණු දරුවන් 6 සහ එක් පිරිමි දරුවෙකු සිටී.

 

පිරිමි දරුවාගේ බිරිද මෙලෙස රෝහලට පැමිණ ඇයව අවසානයේ ඇයගේ නිවසට රැගෙන ගොස් තිබේ.මෙම වයෝවෘද්ධ මව මානසික රෝගයකින්ද පෙලේ.

views

3291 Views

Comments

arrow-up