'මිස්' කෝල් එකක් නිසා සැමියා බිරිඳගෙන් හොඳහැටි ගුටි කාලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

'මිස්' කෝල් එකක් නිසා සැමියා බිරිඳගෙන් හොඳහැටි ගුටි කාලා

'මිස්' කෝල් එකක් නිසා සැමියා බිරිඳගෙන් හොඳහැටි ගුටි කාලා

ඉංග්‍රීසි භාෂාව නිවැරදිව තේරුම් නොගැනීම නිසා බිරිඳ විසින් සැමියා පහරදීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරමක් දුෂ්කර ගම්මානයකින් වාර්තාවනවා.

 

කුලී කම්කරුවෙකු වන අදාල කාන්තාවගේ සැමියා සමාජශීලී පුද්ගලයෙක් වූ අතර ගමේ පොදු වැඩවලදී සෑම විටම පෙරමුණ ගනු ලැබුවා.

 

ගමට පැමිණෙන සෑම නිලධාරියෙක්ම පාහේ මොහු හොඳින් දැන හඳුනාගත්තේ සැමට කලින් කුමන වැඩකට වුවත් ඔහු මැදිහත්වන නිසයි.

 

මේ අතර වාරයේ ගමට අලුතින් තරුණ නිලධාරිනියක පැමිණි අතර සුපුරුදු පරිදි මෙම පුද්ගලයා ඈහට සහයවෙමින් සෑම විටම කටයුතු කලේ ගමේ සුභසිද්ධිය උදෙසායි.

 

මෙම තරුණ නිලධාරිනියද සැමවිටම සිනහ මුවින් ගමේ කොයි කා සමඟත් කුලුපඟවෙමින කටයුතු කලා. මේ නිසාම අප කතාවේ බිරිඳට තම සැමියා හා නිළධාරිණිය අතර කටයුතු එතරම් රිස්සුවේ නැහැ.

 

ඇය සැමවිටම සැමියාට ඇය සමඟ කිසිදු කටයුත්තකට නොයන ලෙසට පැවසුවා. නමුත් සැමියා නිතරම අදාල නිළධාරිණියගේ ගුණ වැයුවේ බිරිඳගේ සැකය හා කෝපය තවත් වැඩි කරමිනුයි.

 

“ මිස් එහෙමයි, මිස් මෙහෙමයි” යනුවෙන් පවසන සෑම විටම එතරම් අධ්‍යාපනයක් නොලද බිරිඳ සිටියේ දත් සපමිනුයි.

 

මෙසේ කල් ගතවෙද්දී සැමියා නිවසේ නොසිටි මොහොතක ඔහුගේ ජංගම දුරකථනය දෙතුන් වරක් නාදවුණා.

 

දුරකථනය දෙස බැලූ බිරිඳට යක්ෂයා ආරූඪ වීමට වැඩිවෙලාවක් ගියේ නැහැ. “මිස්ඩ් කෝල්ස්” යනුවෙන් තිබූ දෙය ඈ සිතුවේ “මිස්ගෙන් කෝල්” ලෙසටයි.

 

තම සැමියා එනතුරු බලාසිටි බිරිඳ “තමුන්ගෙ කෙරුවාව අද අතටම අහුවුණා” කියමින් සැමියාට පහර දෙන්නට වුණා.

 

කිසිත් නොදත් ඔහු කර කියාගත දෙයක් නොමැතිව බිරිඳගේ කන්දොස්කිරියාවද සමඟ රැය පහන් කලා.

 

පසුදින උදෑසනම පැමිණි අසල්වැසියෙකු සිදු වූ දෙය විමසා සියල්ල තේරුම් ගෙන බිරිඳට කරුණු පහදා දුන්නේ මහ හඬින් සිනහ නගමිනුයි.

views

1185 Views

Comments

arrow-up