සැමියාගේ අනියම් ඇසුර නිසා බිරිඳත් ඒ වැඩේටම බැහැලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

සැමියාගේ අනියම් ඇසුර නිසා බිරිඳත් ඒ වැඩේටම බැහැලා

සැමියාගේ අනියම් ඇසුර නිසා බිරිඳත් ඒ වැඩේටම බැහැලා

සැමියාගේ අනියම් ඇසුර නිසා බිරිඳත් අසම්මත ප්‍රෙමයක පැටලීම නිසා සැමියාට බිරිඳත් අනියම් පෙම්වතියත් යන දෙදෙනාම අහිමි වීමේ පුවතක් දකුණු පලාතෙන් වාර්තාවනවා.

 

සිද්දිය වාර්තාවන අන්දමට මෙම පුද්ගලයා සේවය කරන්නේ සංචාරක ක්‍ෂේත්‍රයට අයත් අංශයකයි.

 

ඔහු නිවසට පැමිණෙන්නේ දින කිහිපයකට පසු වන අතර දීග දෙන වයසේ පසුවන දියණියක්ද සමඟ දෙදෙරු පියෙකි.

 

බිරිඳද නගරයේ සේවය කරන අතර රාජ්‍ය ආයතනයක ලිපිකාරිණියකි.

 

මොහු නිවසට පැමිණෙන දින දෙක තුනටත් මිතුරන් සමඟ විනෝද වෙයි.

 

ඉන්පසු නිවසට පැමිණෙන්නේ බිරිඳ නිවසට පැමිණෙන වෙලාවට රෑ බෝ වෙලායි.

 

මෙසේ කල් ගත වෙද්දී මොහු අසල ගම්මානයක රූමත් තරුණියක් සමඟ ඇයි හොඳයියක් ඇති කර ගන්නා ලද අතර ටික කාලයකින් එය පෙමක් බවට හැරුණා.

 

මෙම සම්බන්ධය බිරිඳගේද කන වැකුණු අතර සම්බන්ධය නතර කරන ලෙස කොතෙකුත් කීවත් ඔහු එය නතර කලේ නැහැ.

 

මේ හේතුවෙන් දැඩි සිත් තැවුලෙන් සිටි බිරිඳ ඇය රැකියාවට යන බස් රථයේ ගමන් කරන කඩවසම් තරුණයෙක් සමඟ පෙමින් වෙලුණේ දෙදරු මවක් වුණත් ඇයගේ රූසපුව මනා ලෙස තිබුණ නිසයි.

 

ටික දිනකින් මෙම තරුණයාගේ ඉල්ලීමට අනුව මෙම කාන්තාව සිය සැමියා හා දරුවා අත්හැර තම පෙම්වතාගේ නිවසට යන ලද අතර මෙ දැනගත් සැමියා තමාගේ වැරදි හදාගන්නා බවට පොරොන්දු වෙමින් බිරිඳ රැගෙන ඒමට ගියත් ඇය ආපසු පැමිණියේ නැහැ.

 

බිරිඳ නැති වුවත් පෙම්වතිය සිටින බව සිතා ඇගේ නිවසට ගිය විට ඔහුව එලවා ගන්නා ලද්දේ “තමුසෙ වගේ සෙල්ලක්කාරයෙක් එක්ක මට ඉන්න ඕනි නැහැ” කියමිනුයි.

 

මේ නිසා මොහුට දැන් සිදුව තිබෙන්නේ බිරිඳත් පෙම්වතියත් යන දෙදෙනාම අත්හැර තනිව ජීවත් වීමටයි.

views

4302 Views

Comments

arrow-up