තනි පාදයේ බැඩ්මින්ටන් ලෝක ශූරිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

තනි පාදයේ බැඩ්මින්ටන් ලෝක ශූරිය

තනි පාදයේ බැඩ්මින්ටන් ලෝක ශූරිය

ඉන්දියාවේ මුම්බායි පදිංචිකාරියක් වූ මනාෂි 2011 වසරේ දෙසැම්බර් මාසයේ මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස පළමු වරට රැකියාවට යාමට සූදානම් විය. නමුත් අවාසනාවන්ත ලෙස වේගයෙන් ආ ලොරියේ මනාෂිගේ යතුරු පැදිය හැප්පී ලොරිය ඉදිරියට ගමන් කළේ ඇගේ වම් පාදය යට කරමිනි. සිදුවූ අනතුර නිසා ඇගේ වම් පාදය ඇයට අහිමි විය.

 

පාසල් වියේ දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වූ ඇය 2019 වසරේ වම් පාදය ඉවත් කර වසර 8 කට පසු ආබාධ සහිත බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ‘පැරා බැඩ්මින්ටන්’ ලෝක ශූරතා තරගාවලියේ අවසන් වටයට පිවිස සිටියේ ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරමිනි.

 

තවත් ඉන්දීය ජාතික ක්‍රීඩිකාවක් වූ පෝලා ෂර්මා පරාජය කරමින් ඇය එම තරඟයෙන් ජය ලැබීය. බිහිසුණු අනතුරින් පාදය අහිමි වුණා යැයි මනාෂී කිසිම අවස්ථාවක මානසිකව වැටුණේ හෝ දුක් වුණේ නැත. ඒ වෙනුවට එය ජීවිතය යැයි ඇය අවබෝධ කරගත්තා. රෝහලේ සිටි කාලය පුරාවටම ඇගේ දෙමාපියන් යෙහෙළියන් වෛද්‍යවරුන් හා හෙදියන් ඇයව දිරිමත් කරනු ලැබූවා. අහිමි වූ පාදය වෙනුවට මනාෂිට කෘත්‍රිම පාදයක් සවි කිරීමෙන් පසු ඇය පුනරුත්ථාපනය වෙමින් එම පාදයට හුරු වූ පසු යලි බැඩ්මින්ටන් සඳහා යොමුවිය. එහිදී පෙන්වූ දක්ෂතා නිසාම ඉන්දීය ජාතික පැරා බැඩ්මින්ටන් කණ්ඩායමට එක්විය. ඇය ආබාධ සහිත කාන්තාවක් වුවත් අහ්මදාබාද් නගරයේ බැංකුවක රැකියාව කලේය. අනතුරුව ගෝපිචාන්ද් නම් පුහුණුකරු යටතේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පුහුණු කළ ඇය පූර්ණ කාලීන පැරා බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන්න මා තීරණය කළාය.

 

ඇය ලැබූ එම ජයග්‍රහණයෙන් පසු මනාෂී ජනප්‍රිය තරුවක් වූ අතර බොහෝ ඉන්දියානුවන් ඇය ගැන කතා කරන්න වූයේ මහත් ආඩම්බරයෙන්. මනාෂී ජෝෂි නම් දිරිය කත එදා සිට අද දක්වා දිනූ පදක්කම් බොහොමයි. විවිධ රන්, රිදී, ලෝකඩ පදක්කම් ඇය සතු වන අතර ආසියානු පැරා බැඩ්මින්ටන් තරගාවලියෙන් ඇය ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය. ඇය ලෝක පැරා බැඩ්මින්ටන් ශූරිය වෙමි රන් පදක්කම්ලාභියකු වුවත් වඩාත් ප්‍රිය කරන්නේ එම ලෝකඩ පදක්කමට බව ඇය ප්‍රකාශ කරයි. ඇගේ ජීවිතයේ සිදුවූ පෙරළිය පිළිබඳව සුභවාදීව දකිමින් ඇය ප්‍රකාශ කරන්නේ ‘එදා අනතුර මගේ ජීවිතේ වෙනස් කළා. මට තියෙන්නේ එක කකුලයි. එදා එහෙම නොවුණා නම්, අද මා පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරියක්. නමුත් මගේ ජීවිතේ වෙනස් වුණා. අද මම ලෝක බැඩ්මින්ටන් ශූරියක්. එය සිහිනෙන්වත් නොසිතූ ඉරණමක් යනුවෙන්.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

659 Views

Comments

arrow-up