කතරගම ප්‍රභූ හෙලිකොප්ටර් අංගනයක් නිසා යෝද කුඹුක් ගස් බිම හෙළීම ගැන දෙවියන්ට කන්නලව්වක්

කතරගම කියූ සැනින් අප මතකයට නැගෙන්නේ කතරගම දෙවියන් ය.
මෙම අඩවියට සිසිල දෙමින් තුබූ යෝද කුඹුක් ගස් කිහිපයක් බිමට පතිත කළ කතා පුවතක් වාර්තා වෙනව
කරිඳ සුරිදුන්ටත් කොලේ වසා ස්භාව සෞන්දර්ය මෙලෙස වැනසූවේ ඇයිදැයි අප ප්‍රථමව සොයා බලන්න ඕනේ කතරගම පුදබිම ආසන්නයේ ඇත්තේ හෙලිකොප්ටර් අංගනයක්.
එය මෙම කුඹුක් ගස් නිසා අවහිරවීම හේතුවෙන් ඒ අවට සහ මැණික් ගඟ දෙපස ඇති යෝධ කුඹුක් ගස් මෙලෙස කපා ඉවත් කර තිබෙනවා.
මෙම හෙලිකොප්ටර් අංගන ප්‍රභූ ගමන් සදහාද බහුලව භාවිතා කරනවා
ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලට පණ දුන් මෙම කුඹුක් වැටිය කපා දැමීම නිසා උල්පත් ජලය සිඳි යා හැකියැයි එම ප්‍රදේශවාසීහූ පෙන්වා දෙනවා
මේ කුඹුක් ගස් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ද පිරිසිදු කරමින් අමිල මෙහෙවරක් සිදු කළේ නොපෙනෙන දෙවියන්ට පවා ආශ්‍රිර්වදයක් වෙමින් කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම බිම සමතලා කළා
මේ නිසාමැණික් ගඟද අපවිත්‍ර වෙලා තියෙනවා.ඒ කොළ අතු ගඟ පුරා විසිරී තිබීම නිසා කුකුලා නැසූ අවනඩුව සේ යෝද කුඹුක් ගස් නැසු අවනඩුවද කඩිනමින් විභාග කරන ලෙස ගම්වාසීන් කතරගම දෙවියන් වහන්සේගෙන් මෙසේ කන්නලව් කරනවා
1323 Views
Comments