කාන්තා දින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමට ගිය දෝණි වැටකෙයියා පඳුරකින් මතුවෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

කාන්තා දින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමට ගිය දෝණි වැටකෙයියා පඳුරකින් මතුවෙලා

කාන්තා දින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමට ගිය දෝණි වැටකෙයියා පඳුරකින් මතුවෙලා

දකුණු පළාතෙන් වාර්තාවන මෙම පුවත තම දරුවන් ගැන පමණටත් වඩා විශ්වාස කරන මව්පියන්ට දරුවන් පිළිබද වඩාත් සොයා බලන්නට පෙලඹීමට හොඳ උදාහරණයක්.

 

නිරන්තරයෙන් සමාජ අසාධාරණය වෙනුවෙන් සටන්කල දියණියක් වන තම දියණිය පිළිබඳ දෙමාපියන් තුල තිබුණේ ඉතාම ගෞරවයක්.

 

ඇය සෑම විටම සමාජ අසාධාරණය හා අයුක්තියට එරෙහිව දෙමාපියන් සමඟද වාද විවාද කලේ එක් දිනක් පමණක් නොවෙයි.

 

ලෝක කාන්තා දිනයේ කාන්තාවන් ගැන නගරයේ පැවැත්වෙන වැඩසටහනකට යාමට යැයි කියමින් තම දෙමව්පියන්ගෙන් කිසිදු පැකිලීමකින් තොරව අවසර ලබාගත් මෙම තරුණිය නිවසින් පිටව ගියේ දෙමව්පියන්ගේ ආශිර්වාදය මැදයි.

 

එම වැඩසටහනට ගැන දෙමාපියන් දැනුවත්වීමද ඊට හේතුවක් වුණා.

 

මෙසේ නිවසින් පිටව ගොස් පැය දෙකකට පමණ පසු පියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන්නේ පොලිස් ස්ථානයට වහාම පැමිණෙන ලෙසටයි.

 

ඇමතුම ලබාගත් පොලිස් නිළධාරිනිය දියණිය තමා භාරයේ පසුවන බවත් පැමිණ රැගෙන ලෙසත් පියාට පවසා සිටියා.

 

සමාජ අසාධාරණයට එරෙහිව සටන්කොට හෝ කොරෝනා නීතී කඩකිරීම නිසා නීතිය ඉදිරියට තම දියණිය ගොස් ඇති බව සිතූ මව හා පියා දෙදෙනාම පොලිස් ස්ථානයට ගියේ ඈව කැටුව ඒමටයි.

 

පොලීසියට ගිය අවස්ථාවේ ඔවනුට තරු පෙනුනේ දියණිය පොලිස් භාරයට ගෙන තිබුණේ සිය පෙම්වතා සමඟ වැටකෙයියා පඳුරක් යට අසංවර ලෙස පෙම් කෙලිමින් සිට ඇතිබව දැන ගැනීමෙන් පසුවයි.

 

දියණිය ගැන තිබූ ප්‍රතිරූපය බිඳ වැටුණු අතර තමන් පිළිබද ලැජ්ජාවට පත්වූ දෙමාපියන්ට “ ගැහැණු දරුවෙක් ඉන්න දෙමාපියෝ මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනි” යැයි පොලිස් නිළධාරිනිය පැවසූ විට පොලොව පලාගෙන යාමට තරම් සිතුණා.

views

3680 Views

Comments

arrow-up