කොණ්ඩය සොයාගෙන පසු පසින් ආ කලුකුමාරයා

මෙම සිදුවීම වාර්තා වන්නේ මාතර වැලිගම ප්‍රදේශයෙනුයි.
රාත්‍රී කාලයේ බසයෙන් බැසගත් පුද්ගලයෙකු පසුපස “ අයියේ නවතින්න, නවතින්න” යයි කියමින් තට්ට හිසක් සහිත පුද්ගලයෙකු පසුපස හඹා ඒම නිසා බියට පත් වූ පුද්ගලයෙකු හා සඹැඳිවයි මෙම පුවත වාර්තා වුණේ.
කොළඹ සිට මාතර බලා ධාවනය වන බස් රථයකයි මෙම සිදුවීමේ කථා නායකයා ගමන් කරමින් සිටියේ.
ඔහු බස් රථයට ගොඩවුණේ කොළඹදීයි. වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු පාපුවරුවට බැසගත්තේ බස් නැවතුමට කලින් බසයෙන් බැසගැනීමේ අරමුණිනුයි.
ඒ බස් නැවතුමේ සිට යම් දුරක් ආපසු ඇවිද ඒමට සිදුවන නිසාවෙනුයි. බස් රථයේ වේගය අඩු කරනවාත් සමඟ බසයෙන් බිමට පැනගත් මොහු නිවසට යන පාලු පාරදිගේ ගමන් කරන්නට වුණා.
ටික දුරක් යද්දී ඔහු පසුපසින් තට්ට හිසක් ඇති කවරෙකු හෝ “අයියේ නවතින්න, අයියේ නවතින්න” යැයි කියමින් ඒමට පටන්ගත්තා.
පෙරදින තමා ඇසූ කලුකුමාරයා ගැන කතාව සිහියට ගත් ඔහුට තිගැස්මක් ඇති වූ අතර දුවන්නටද සිතුණා.
සිතට දැඩි වීර්යයක් ගත් ඔහු නැවතී පසුපස හැරුණු අතර “ අනේ අයියේ නවතින්න, මගේ බොරු කොණ්ඩේ ඔයාගේ අතේ පැටලිලා” යැයි පැමිණි පුද්ගලයා පවසනවාත් සමඟ සිදු වූ දේ වැටහී ගියේ ඔහු බසයෙන් බසින විට කාගේ හෝ හිසක ඔහුගේ අත වදිනු මතක්වුන නිසයි.
ඔහුගේ අතේ කොණ්ඩයක් නොතිබුණු අතර ජංගම දුරකථන වල එලියෙන් බොරු කොණ්ඩය සොයන්නට වුණා.
කෙසේ හෝ පැමැණි මාර්ගයේ එය වැටී තිබුණු අතර පසුපස පැමිණි කලුකුමාරයා ස්තූති කොට බසයේ නැගී යන්නට ගියා.
2181 Views
Comments