ඩිෆෙන්ඩරය සමඟ ගසාගෙන ගිය ශෂීන්ද්‍ර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ඩිෆෙන්ඩරය සමඟ ගසාගෙන ගිය ශෂීන්ද්‍ර

ඩිෆෙන්ඩරය සමඟ ගසාගෙන ගිය ශෂීන්ද්‍ර

මොණරාගල මැදගම ප්‍රදේශයේ පැවැත්වූ උත්සව කිහිපයක් සඳහා සහභාගී වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථය මැදගම පුබ්බාරු ඔය හරහා වැටී ඇති සපත්තු පාලම මතින් ගමන් කරද්දී ජල පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

 

උත්සව වලට සහභාගී වී නැවත මොණරාගල බලා ගමන් කරමින් සිටියදීයි ඔහු මේ අනතුරට මුහුණ දී තිබුණේ.

 

ඒ සමඟම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් වහා මැදිහත්ව වාහනය සමඟ ඇමතිවරා ද බේරාගෙන තිබුණා.

 

මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුබ්බාරු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර එසේ පැමිණි ජල පහරක් හේතුවෙනුයි ඇමතිවරයා සමඟ ඩිෆෙන්ඩර් රථය මෙසේ ගසාගෙන ගොස් තිබුණේ.

 

සිද්ධියෙන් ඇමතිවරයා හ වාහනයේ ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ.

views

742 Views

Comments

arrow-up