මිනිස් මසින් සබන් නිපද වූ මිණීමරු කාන්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

මිනිස් මසින් සබන් නිපද වූ මිණීමරු කාන්තාව

මිනිස් මසින් සබන් නිපද වූ මිණීමරු කාන්තාව

1894 වර්‍ෂයේ උපත ලැබූ ලියනාඩෝ චින්චෝලි නම් කාන්තාව ගැනයි මේ කතා කරන්න යන්නේ. මෙම කාන්තාව ඉතාලියානු කාන්තාවක්‍ වේ. මැය මණයට පත් වන්නේ මැයට වයස අවුරුදු 71 ක් පමණ වන විටදීය​. මැයගේ ළමා කාලය ඉතාමත් කටුක එකක් බවයි සදහන් වන්නේ. ඉතාමත් නපුරු ගති පැවතුම් වලින් හෙබි ඇයගේ මව ඇයට නිතරම දෝෂාරෝපණය කර තිබුනේ ඇය යක්‍ෂයාගේ ගති පැවතුම් ඇති එකියක් බව යැයි පවසමිනි.

 

මේ අයුරින් තම මවගේ නපුරු ගති පැවතුම් දරා ගැනීමට නොහැකිම අවස්ථා වලදී ඇය දෙවරක්ම සිය දිවි නසා ගැනීමටද උත්සාහ කොට තිබෙනවා. පසුව ඇය වැඩිවියට පත් වූ පස කාර්‍යාල ලිපිකරුවෙකු සමග විවාහ වී ඇත​. නමුත් මෙයට ඇගේ මව කිසිසේත්ම කැමතී වී නම් නැහැ. ඒ කෙසේ නමුත් ඇය ඔහු සමග විවාහ වී දරුවන් 17කුද බිහි කර ඇත​. අවසානාවකටම ඉන් දරුවන් 13න් දෙනෙකුම ඔවුන්ට වයස අවුරුදු 10 ඉක්මවන්නට මත්තෙන්ම මරණයට පත්වී තිබෙනවා. ඉතින් මේ නිසා ජීවත් වීමට ඉතුරු උනේ දරුවන් 4කු පමණකි. ඉතින් මේ තත්වය මත දරුවන් 13කුම මිය යාමත් නිසා ඇය ඉතිරි වූ දරුවන් 4දෙනා ඉතාමත් ආදරයෙන් රැකබලාගෙන තිබුනා. නමුත් පසු කලෙක මේ දරුවන් නිසාම ඇගේ සිහිය විකල් වූ අතර ඇයට ඉතාමත් ම තරහ යන අසනීපයක් පැවත තිබෙනවා.

 

 

ඇයගේ කරදර එතකින් නිමා වෙලත් නැහැ. අවුරුදු 33ක් වන විට ඇය සිර දඩුවම් විදීමට නියම වූවේ වංචාවක් නිසා වෙනුයි. ඒත් එක්කම දරුණු භූමි කම්පාවකින් ඇගේ මුලු නිවසද විනාශ වී තිබෙනවා. පසුව මේ සිදුවීම් සියල්ල මත්තේ ඇය දැඩි ලෙස මානසික වැටීමකට ලක් වන්නට ඇත​. නමුත් ඇතුලතින් මේ දුක් කන්දරා සියල්ල දරා ගෙන සිටියත් පිටතින් ඇගේ වෙනසක් දැක් වුනේ නැහැ. ඇය ආශ්‍රය කරන ඇගේ හිත මිත්‍රාදීන්ටද ඒ පිලිබදව වෙනසක් දැනී නැහැ. අසල්වැසියන්ටද ප්‍රිය කල අතර ඇය දරුවන්ට ද ආදරනීය මවක් වී ඇත​. නමුත් ඉතාමත්ම භයානක දේ සැගව තිබුනේ ඒ පුටුපසයි. භයානකම කාලය පටන් ගන්නේ මේ කාලය අතරතුරදීයි. (1939-1940) මේ කාලයේදී ඇයට වයස අවුරුදු 42ක් හෝ 43ක් වන්නට ඇති. ඒ කාලය තුල ඇය කාන්තාවන් තුන් දෙනෙක්ම ඝාතනය කොට තිබුනා. ඇය විසින් ඇත්තටම සිදුකොට තිබුනේ තම නිවසට පැමිණෙන කාන්තාවන් හට වස දී මරණයට පත් කිරීමයි. ඉන්පසුව පොරවකින් එම කාන්තාවන් ගේ සිරුරු කොටස් කර කෝස්ටික් සෝඩා තුලට දමා තැඹීමට කටයුතු සිදු කොට තිබුනා.

 

ඇය මේ අයුරින් ඝාතනය කල කාන්තාවන් ගේ සිරුරු සහමුලින්ම අතුරුදහන් උනා කියන්නත් බැහැ. මොකද ඇය ඇයගේ දින පොතේ සදහන් කර තිබෙන ආකාරයට අවසානයට කලු ඝණ තලපයක් වැනි දෙයක් ඉතුරු වී තිබෙනවා. සාමන්‍ය සබන් වල සත්ව මේදය අන්තර් ගත කර තිබෙන අයුරින් මිනිස් මේදයත් අන්තර්ගත කල හැකි කල බව ඇයට පසක් වී ඇය මැරුණු මිනිස් සම් වලට සුවඳ දියර බෝතලයක් එක් කර එය වැඩි දුරටත් තඹා ගෙන සුවද සබන් නිපදවා අසල්වැසි අයට පවා දීල තියනවා. තවත් ඇය දන්නා හැමෝටමත් ඒ සබන් ඇය විසින් තෑගි කරලා. ඇය ඊට අමතරව මරණූ ලැබූ කාන්තාවන් ගේ මස් වලින් කොටසකින් ටී කේක්ද නිර්මාණය කොට ඇත​. ඒවාද අසල්වැසියන්ට පිරිනැම ඇති අතර ඒවා ඇගේ දරුවන් ද අනුබව කොට තිබිණ​. ඇය එම කාන්තාවන් ගේ මුදල් වන්චා කිරීමත් සිදු කොට තිබුණා. පොලීසියට පසුව ඇය ගැන සැක දැනී විමසද්දී ඇය සියල්ල පාපොච්චාරණය කොට තිබුනා. මේ නිසා ඇය වසර 30ක් සිර දඩුවම් විදීමටත් වසර 3ක් පිස්සන් කොටුවක සිටීමටත් සිදු උනා.

 

 

 

 

 

 

 

by Sahan Sandeepa

Photo source : Internet

views

791 Views

Comments

arrow-up