අන්තර්ජාල දැන්වීම් ඔස්සේ 'වැඩි මිලට' ගණිකා සේවයේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

අන්තර්ජාල දැන්වීම් ඔස්සේ 'වැඩි මිලට' ගණිකා සේවයේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

අන්තර්ජාල දැන්වීම් ඔස්සේ  'වැඩි මිලට' ගණිකා සේවයේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට

අන්තර්ජාල දැන්වීම් හරහා හඳුනා ගන්නා පුද්ගලයන්ට ගණිකා සේවය සැපයූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහනුවර පූජාපිටිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක කාන්තාවකි.

 

මැය විසින් සිය සේවාව පිළිබඳ පැහැදිලි කර තිබූ දැන්වීමක් මාර්ගයෙන් හඳුනා ගත් අයෙකු ලෙස පෙනී සිටි පොලිස් උපාය දූතයෙකු ට මැය පිළිබඳව අනාවරණය කරගැනීමට හැකිවුණි.

 

පානදුර වලාන ප්‍රදේශයේ සුපිරි සංචාරක හෝටලයක කාමරයක් වෙන්කරගන්නා ලෙස ඇය විසින් උපාය දූතයාට දැනුම් දී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

ඇය විසින් මෙම සේවාව සැපයීමට පැයක කාලයක් සඳහා රු. 7500/= ක මුදලක්ද ඊට අමතරව ප්‍රවාහන ගාස්තු ද අයකර තිබේ.

 

අත්අඩංගුවට ගත් කාන්තාවගේ බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී ස්මාර්ට් ජංගම දුරකථන හතරක්, අධිශක්ති ජනක පාන බෝතල් 4ක්ද පොලීසියට හමුවී ඇත.

 

ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇයව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

3103 Views

Comments

arrow-up