දෙවියන් විකුණා 50,000ක් ගත් සාස්තරකාරියට වැඩ වරදී - දැන් දෙවියෝ කෝප වෙලාලු ඉන්නේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

දෙවියන් විකුණා 50,000ක් ගත් සාස්තරකාරියට වැඩ වරදී - දැන් දෙවියෝ කෝප වෙලාලු ඉන්නේ

දෙවියන් විකුණා 50,000ක් ගත් සාස්තරකාරියට වැඩ වරදී -  දැන් දෙවියෝ කෝප වෙලාලු ඉන්නේ

දේව වරමක් මාර්ගයෙන් ආබාධිත කකුලක් සුවකර දෙනවා යැයි පොරොන්දු වී රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන එයට වංචා කළේ යැයි පැමිණිල්ලක් මීගමුව පොලිසියට ලැබී ඇත.

 

මේ සඳහා චූදිත කාන්තාවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් දෙදෙනාම මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

 

වැල්ලීදියේ ම පදිංචි පැමිණිලිකාරියගේ එක් කකුලක් තරමක් කෙටි ය. බොහෝ කාලයක් තිස්සේ මින් පීඩාවට පත් ඇය දේව වරමක් පතා එම ප්‍රදේශයේ සාස්තර කියන කාන්තාවක් හමුවීමට ගොස් ඇත. ඇයට මෙම සාස්තරකාරිය සම්බන්ධ කර දී ඇත්තේ සුප්‍රසිද්ධ සමාජ සේවිකාවකි. බලාපොරොත්තු අතින් සුන් වී සිටි මෙම කාන්තාව දේව වරමක් මිලදී ගැනීමේ අදහසින් සිය ගිණුමේ තිබූ අවසාන රුපියල් 50,000ද ගෙන එය පඬුරු වශයෙන් පූජා කර ඇති බව සඳහන් වේ.

 

වරුව තුන් වරුව විය, සතිය මාසය විය. තවම ඇගේ කකුල කෙටිය. නොදැකපු වරමක් ලබා ගැනීමට ගොස් තමාගේ සේසතම නැති වූ බව තේරුම් ගත් කාන්තාව මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

 

පොලීසිය විසින් චූදිත කාන්තාවන් දෙදෙනාම පොලිස් ස්ථානය වෙත කැඳවූ විට රුපියල් 50,000 ක පඬුර දෙවියන් අතර ගිය අයුරු අපූරුවට පැහැදිලි කෙරිණි. දේව වරම් මදි සාස්තරකාරී රුපියල් තිස් දාහක් ද සමාජ සේවිකාවට රුපියල් විසිදාහක් ද ලෙස දෙවියන්ගේ පඬුර බෙදී ගොස් තිබිණි.

 

සාස්තරකාරියගෙන් පොලිසිය කල ප්‍රශ්න කිරීම්වලදී ඇය කියා සිටියේ ඇයට ඇත්තටම දේව වරමක් ඇති බවත් මේ දිනවල මිනිසුන් කරන අපරාධ හේතුවෙන් දෙවියන් කෝප වී සිටින බවත්ය.

 

කෙසේ වෙතත් මෙම බවලතුන් දෙදෙනාට පැමිණිලිකාරිය ගෙන් ගත් සම්පූර්ණ මුදල ආපසු ගෙවීමට සිදුවිය. ගැටලුව සමථයකට පත් වී එතනින් අවසන් විය. සුපර්මාර්කට් වලින් දේව වරම් සොයන ඇත්තන්ට මෙය අපුරු පාඩමකි.

 

 

 

 

 

 

 

 

 

Gossiplanka ඇසුරිනි..

views

1515 Views

Comments

arrow-up