ඇප ලැබුණත් කැරොලයින්ට පොලිසියෙන් වැටුණු චෝදනා තුන මෙන්න

කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවටගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්කර තිබෙනවා.
අවස්ථා කිහිපයකදී කුරුඳුවත්ත පොලීසිය මඟ හරිමින් සිටි ඔවුන් අද පෙරවරුවේ එම පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
කැරොලයින් හා චූලා මෙලෙස අත්අඩංගුවට ගැනුණේ සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළවය.
මේ සම්බන්ධයෙන් ඉදිරි දිනෙක අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.
තමාගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා තමාගේ හිසට තුවාල සිදු කිරීම හා තමාව ලැජ්ජා කිරීම නිසා රූපරාජිනි පුෂ්පිකා ඉකුත්දා අලුයම 2.00ට මෙම පැමිණිල්ල කුරුදුවත්ත පොලිසිය වෙත දැමුවාය.
ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපති සාරානාත් සමරකෝන්ගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී කැරොලයින් හට අවස්ථා දෙකකදී පොලිසිය ඇයව කැඳවා තිබුණත් ඇය එම අවස්ථා දෙකම මඟ හැර සිටියාය.
840 Views
Comments