අනියම් පෙමට අකමැති කතට උගන්වන්න ගිය පාඩම කැරකිලා ඇවිත් බිරිඳ ඉගෙනගෙන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

අනියම් පෙමට අකමැති කතට උගන්වන්න ගිය පාඩම කැරකිලා ඇවිත් බිරිඳ ඉගෙනගෙන

අනියම් පෙමට අකමැති කතට උගන්වන්න ගිය පාඩම කැරකිලා ඇවිත් බිරිඳ ඉගෙනගෙන

මේ අපූරු ප්‍රවෘත්තිය භාවිතා ගන්න උඩුදුම්බර ප්‍රදේශයෙන්

 

මේ කතාවේ කතානායකයා වන්නේ ගොවිතැන් ගොවිතැනින් ජීවත් වන 36 හැවිරිදි දෙදරු පියෙක්. ඔහුගේ නිවස ආසන්නයේ සැමියා මළ තිස් එක් හැවිරිදි තරුණියකි. සැමියා මළ පසු දරුවන් ප්‍රමුඛ කරගෙන අය කටයුතු කළ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර සහිතවයි.

 

කෙසේ වෙතත් අපේ කතාවේ නායකයා ට නම් ඇය ගැන තිබුණේ අමුතුම අදහසක්. නිතර නිතර හොරෙන් ඉඟිබිඟි පෑමත් පැයකින් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඔහු සිටියේ කනස්සල්ලෙන්. නමුත් මෙම කනස්සල්ල පිටට නොපෙන්වා මේ පවුල් දෙක ඉතාම සමීපව කටයුතු කළ පවුල් දෙකක්.

 

කොහොමෙන් කොහොම හරි තමන්ට අවස්ථාවක් නොලැබීම පිළිබඳව මේ පුද්ගලයා හිටියේ අමනාපයෙන්. "උඹට හොඳ පාඩමක් උගන්වන්නම් කෝ" යැයි තමාටම කියාගත් ඔහු කහබිලියා කොල කීපයක් සහ කිතුල් ගසක ඇට කිහිපයක් තලා මිශ්‍රණයක් සාදාගත්තා. හොරෙන් හොරෙන් අසල්වැසි නිවසට ඇතුළු වූ මෙම පුද්ගලයා වතුර ටැංකියට මේවා එක් කළේ එම කාන්තාව හැමදාම රාත්‍රී අටට දියනාන බව හොඳහැටා දන්න නිසාය.

 

කාටත් හොරෙන් මෙම කටයුත්ත කර ගැනීමට සමත් වූ පුද්ගලයා කෙලින්ම ගමන් කළේ කඩපිළට ය.

 

ඔහුගේ නිවසේ සිදු වී ඇත්තේ අමුතුම හුට්ටප්පරයකි. මෙම පුරුෂයාගේ නිවසේ වතුර ටැංකිය වතුර ඉවර වී තිබිණි. ඉතින් ඔහුගේ විවාහක බිරිඳ ඇති පොට්ටනියත් උස්සගෙන අසල්වැසි නිවසට ගියේ දිය නාගත හැකිද බලන්නයි.

 

නාගෙන කාරිය කරගෙන පිටතට එද්දී ඇයට සුළු කැසීමක් දැන් වුණත් ඇය එය මායිම් කලේ නැහැ.

 

කඩපිලේ රවුම් ගසා මහ රෑ වී නිවසට පැමිණි පුරුෂයාට දැකගත හැකිවුණේ ඇඳ මත වැතිර කෙඳිරි කෙඳිරිගාමින් ඇඟ කසන තමන්ගේ බිරිදයි.

 

සිදුවී ඇති අලකලංචිය තේරුම් ගැනීමට ඔහුට වැඩි වෙලාවක් වේලාවක් ගත වූයේ නැත. අවසානයේ ඔහුට සිදුවූයේ අනියම් පෙම් සුවද විදීමට නොව තම බිරිඳගෙ තුවාල වලට ගාන තෙල් සුවඳ විදීමට ය.

views

2199 Views

Comments

arrow-up