කිරුළ ගැලෙව්වාට කැරොලයින්ට චුලාට අධිකරණයෙන් වුණු දේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

කිරුළ ගැලෙව්වාට කැරොලයින්ට චුලාට අධිකරණයෙන් වුණු දේ

කිරුළ ගැලෙව්වාට කැරොලයින්ට චුලාට අධිකරණයෙන් වුණු දේ

ලෝක විවහක විවාහක රූ රැජිනිය සදහා මෙරටින් විවහක රූ රැජිනියක් තේරීමේ තරඟයේදී එහි කිරුළ හිමිකර ගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේ සිදිධියට අදාළ නඩුව පළමු වරට අද කොළඹ අලුත්කඩේ අධිකරණයේදී කැදවනු ලැබුවා.

 

එහිදී ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප මත නිදහස්කර තිබෙනවා.

 

කැරොලයින් හා චූලා හට මෙහිදි සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව නඩු පවරා තිබෙනවා.

 

මීට අදාළ නඩුව යළි ජුනි 20 කැඳවීමට නියමිතයි.

 

මෙම නඩුව වාර්තා කිරීම සදහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබුණා.

 

තමාගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා තමාගේ හිසට තුවාල සිදු කිරීම හා තමාව ලැජ්ජා කිරීම නිසා රූපරාජිනි පුෂ්පිකා ඉකුත්දා  අලුයම 2.00ට මෙම පැමිණිල්ල කුරුදුවත්ත පොලිසිය වෙත දැමුවාය.

 

ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපති සාරානාත් සමරකෝන්ගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී කැරොලයින් හට අවස්ථා දෙකකදී පොලිසිය ඇයව කැඳවා තිබුණත් ඇය එම අවස්ථා දෙකම මඟ හැර සිටියාය.තෙවැනි අවස්ථාවේ කළ දැනුම් දීම මත ඔවුන් පොලිසියට භාර වුණා.

 

 

 

 

 

 

 

 

 

views

901 Views

Comments

arrow-up