සුරූපි තරුණියගෙන් මසාජ් කරන් ෆෝන් ටිකත් හොරා ගෙන ගිය ෆීලිං හොරා

මීගමුවේ පිහිටි එක්තරා සම්බහන මධ්‍යස්ථානයකට ඇතුළු වු සොරෙකු එහි රූමත් තරුණ තෙරපිවරියන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන හතරක් සොරා ගෙන තිබෙනවා.
මෙය ඉකුත්දා අලුයම සිදුව ඇති අතර මෙම අවස්ථාවේදී තරුණියන් වෙහෙස වී නින්දට ගොස් තිබෙනවා.
ඔවුන්ගේ දුරකථන එක් ස්ථානයක චාජ් වීම සඳහා ගසා තිබුණා.
ඔවුන් නැවත සේවා මුරය අවසන් කොට නිවසට යාමට ලෑස්ති වෙද්දී ඔවුන්ගේ දුරකථන අතුරුදන් බව හෙළි වුණා.
මින් තැති ගත් තෙරපිවරියන් වහාම මේ ගැන ඔවුන්ගේ කළමනාකරුට පැවසුවාය.
කළමනාකරු විසින් මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට පැමිණි කළා.
පසුව ඒ අසල සීසීටීවි කැමරා පොලිසිය විසින් පරික්ෂා කළ අතර එහිදි හෙළි වුණේ තරුණ්යෙකු මෙම සම්බාහන මධ්‍යස්ථානය වෙත හොර රහසේ ඇතුළු වන බවය.
ඔහු එහි දොරගුළු කඩා ඇතුළු වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ තරුණයාගේ ස්වරූපයෙන් හෙළිව ඇත්තේ ඔහු එදින රාත්‍රියේ සම්බාහන මධ්‍යස්ථානය වෙත පැමිණ සුරූපි තරුණියකගෙන් සේවය ලබා ගෙන ගිය අයෙකු බවයි.මේ සැකය නිරාකරණය කර ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කරලා තිබෙනවා.
14896 Views
Comments