නිරූපණය ක්ෂේත්‍රයට නීති හදන්න ප්‍රමුඛත්වය දිය යුතුයි - කැරොලයින් ජූරි

විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රයට අදාළව නීති සම්පාදනයට සහ ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව කැරොලයින් ජූරි පවසයි.
ඇය මේ පිළිබඳව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
නිරූපණ ක්ෂේත්‍රයට මෙරට බිම් මට්ටම තුල පිළිගැනීමක් නොමැති බව පෙන්වා දෙන හිටපු විවාහක රූ රැජින තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන්ට සමාන හා සාධාරණ වේදිකාවක් නිර්මාණය කළ යුතු බව සඳහන් කරයි.
source: hirunews
741 Views
Comments