ලොව වයස්ගතම මිනිසා වයස අවුරුදු 112දී මෙලොව හැර යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

ලොව වයස්ගතම මිනිසා වයස අවුරුදු 112දී මෙලොව හැර යයි

ලොව වයස්ගතම මිනිසා වයස අවුරුදු 112දී මෙලොව හැර යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් ලද, ජෝන් ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ් (John Alfred Tinniswood) මියගොස් ඇති බව වාර්තා වනවා.

 

මිය යන විට ඔහුගේ වයස අවුරුදු අවුරුදු 112 ක්.

 

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඇල්ෆ්‍රඩ් පසුගිය 25 දින ඔහු ජීවත් වූ සවුත්පෝට් සත්කාරක නිවාසයේදී මියගිය බවට ඔහුගේ පවුලේ අය තහවුරු කළ බවයි.

 

එමෙන්ම ඔහුගේ අවසන් මොහොත, සංගීතයෙන් සහ ආදරයෙන් වට වූ එකක් වුණු බවත් සඳහන්.

 

 

ඇල්ෆ්‍රඩ් ටින්නිස්වුඩ්, ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේදී යි.

 

ඒ, අවුරුදු 114 ක් වුණු Juan Vicente Pérez Mora මියගිය පසුවයි.

 

1912 අගෝස්තු 26 වන දින ටයිටැනික් නෞකාව ගිලී ගිය වසරේම උපත ලැබූ ටින්නිස්වුඩ් 2020 වසරේ දී එක්සත් රාජධානියේ වයස්ගතම මිනිසා බවට පත්ව තිබුණා.

views

149 Views

Comments

arrow-up