පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලමින් ඔස්කාර් සම්මානලාභී ඒ.ආර්. රහුමාන් විවාහ ජීවිතයට සමුදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලමින් ඔස්කාර් සම්මානලාභී ඒ.ආර්. රහුමාන් විවාහ ජීවිතයට සමුදෙයි

පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලමින් ඔස්කාර් සම්මානලාභී ඒ.ආර්. රහුමාන් විවාහ ජීවිතයට සමුදෙයි

ඔස්කාර් සම්මානලාභී සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ඒ.ආර්. රාහුමාන් සිය බිරිඳ වන සහිරා බානුගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව ඔවුන් දෙපළගේ 29 වසරක විවාහ ජීවිතය අවසන් වනු ඇති.

 

මෙම තීරණය සම්බන්ධයෙන් සහිරා බානුගෙන් නීතිඥවරිය වන වන්දනා ශාහ් අදහස් පළ කර තිබූ බව සඳහන්.

 

මේ බව ඒ.ආර්. රාහුමාන් ද සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

 

එමඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, තම පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසයි.

 

ඒ.ආර්. රාහුමාන් සහ සහිරා බානු 1995 වසරේ දී විවාහ වී ඇති අතර ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටිනවා.

 

views

247 Views

Comments

arrow-up