ඉතිහාසගත වාර්තාවක් තැබූ දකුණු අප්‍රිකානු රූ රැජින, විශ්ව රූ රැජින වේදිකාවට නේන බව දැනුම්දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

ඉතිහාසගත වාර්තාවක් තැබූ දකුණු අප්‍රිකානු රූ රැජින, විශ්ව රූ රැජින වේදිකාවට නේන බව දැනුම්දෙයි

ඉතිහාසගත වාර්තාවක් තැබූ දකුණු අප්‍රිකානු රූ රැජින, විශ්ව රූ රැජින වේදිකාවට නේන බව දැනුම්දෙයි

මේ සති අන්තයේ මෙක්සිකෝවේ පැවැත්වෙන විශ්ව රූ රැජින අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට නියමිතව සිටි Mia le Roux, ඊට සහභාගී නොවන බව දන්වා තිබෙනවා.

 

සංවිධායකයින් නිවේදනය කරන්නේ සෞඛ්‍ය ගැටළු උපුටා දක්වමින් ඇය තරගයෙන් ඉවත් වූ බව‍යි.

 

28 හැවිරිදි ඇය අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකා රූ රැජින ලෙස කිරුළු පැළඳි පළමු ශ්‍රවණ ආබාධ සහිත කාන්තාව ලෙස ඉතිහාසගත වූවා.

 

ඒ, දැඩි මතභේදයට තුඩු දුන් තරගයකින් පසුව‍යි. එහි අවසන් වටයට පිවිසි එක් තරඟකාරියක් ඇගේ නයිජීරියානු උරුමය හේතුවෙන් දැඩි කතාබහට ලක්ව තරගයෙන් ඉවත්ව ගොස් තිබුණා.

 

මියාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සඳහන් කරමින් සංවිධායකයින් පෙන්වා දී තිබුණේ, ඇයගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රමුඛ වන බවත් ඇය "පූර්ණ සෞඛ්‍ය තත්ත්වයට" පැමිණෙන තෙක් ඇයට සහාය දක්වන බවයි. කෙසේ නමුත් සෞඛ්‍ය ගැටළුව කුමක්ද යන්න නිවේදනය කර නැත.

 

අවසන් මොහොතේදී උද්ගත වුණු මෙම හදිසි තත්ත්වය නිසාවෙන්, 73 වැනි විශ්ව රූ රැජින තරගය සඳහා දකුණු අප්‍රිකාව නියෝජනය නොකරනු ඇති.

 

 

73 වැනි විශ්ව රූ රැජින අවසන් මහා තරගය, නොවැම්බර් 16 එනම් අද රාත්‍රියේ මෙක්සිකෝ නගරයේ Arena CDMX හි පැවැත්වීමට නියමිතයි.

 

එහිදී, ගියවර කිරුළු දැරූ නිකරගුවාවේ Sheynnis Palacios ට පසුව ඇයගේ අනුප්‍රාප්තිකයා ලෙස මීළඟ රූමතිය කිරුළු දරනු ඇති.

views

223 Views

Comments

arrow-up