වසර 132කට පසු හමුවූ බෝතලය ඇතුලින් සැවොම පුදුමයට පත් කරමින් හමුවූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

වසර 132කට පසු හමුවූ බෝතලය ඇතුලින් සැවොම පුදුමයට පත් කරමින් හමුවූ දේ

වසර 132කට පසු හමුවූ බෝතලය ඇතුලින් සැවොම පුදුමයට පත් කරමින් හමුවූ දේ

ස්කොට්ලන්තයේ දකුණු ප්‍රදේශයේ ප්‍රදීපාගාරයකින් වසර 132ක් පැරණි පණිවුඩයක් සහිත බෝතලයක් ඉංජිනේරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රයින්ස් ඔෆ් ගැලෝවේ හි උතුරු දෙසින් පිහිටි කෝර්ස්වෝල් ප්‍රදීපාගාරය තුළින් මෙම බෝතලය සොයාගත් බවයි.

 

බෝතලය තුළ තිබී, 1892 සැප්තැම්බර් 4 දින ලියන ලද ලිපියක් ද හමුව ඇති බව සඳහන්.

 

තීන්ත භාවිතයෙන් ලියා ඇති එම ලිපියෙන් කුළුණේ නව ආලෝක පහන් වර්ගයක් සවි කළ ඉංජිනේරුවන් තිදෙනෙකුගේ නම් හෙළිවන බව කියවේ.

 

එහි ප්‍රදීපාගාරයේ භාරකරුවන් තිදෙනාගේ නම් ද වන බව සඳහන්.

 

අඟල් 8 (සෙ.මී. 20) බෝතලය උතුරු ප්‍රදීපාගාර මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන රොස් රසල් විසින් කරන ලද පරීක්ෂාවකදීයි සොයාගෙන ඇත්තේ.

 

 

ලිපියේ,

''මෙය මැයි සිට සැප්තැම්බර් දක්වා මාසවලදී Edinburgh, Milton House Works හි James Milne & Son Engineers හි James Wells Engineer, John Westwood Millwright, James Brodie Engineer, David Scott Labourer විසින් ඉදිකරන ලද අතර 15 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ නැවත ආලෝකමත් කරන ලදී. 1892 සැප්තැම්බර්...'' යන්නෙන් සටහන්ව ඇති බව සඳහන්.

 

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, 1892 දී මෙම සටහන ලියා ඇති මිනිසුන් ප්‍රදීපාගාරයේ සිට ඇත්තේ කුළුණ මුදුනේ වෙනස් ආකාරයේ පහන් සවි කිරීමට සහ ඔප දැමීම සඳහා වන බව කියවේ.

views

232 Views

Comments

arrow-up