මව්පිය උරුමයට ගෞරව කළ රන්වීර් - දීපිකා යුවළගේ ආදරණීය දියණිය (PHOTOS)

රන්වීර් - දීපිකා යුවළට ආදරේ කරන කවුරුත්, මඟ බලාගෙන උන්නු දවස පහුගිය දවසක උදාවෙලා තිබුණා.
ඒ තමයි, දෙන්නගෙ කුළුදුල් දියණියගේ සේයා රුවක් දැකබලා ගන්න එක.
ඔන්න ඉතින් රන්වීර් - දීපිකා දෙන්නා, දියණියගෙ සේයා රුවක් සමාජ මාධ්‍යයට එක්කාසු කරලා.
හැබැයි ඒ, දියණියගේ දෙපා විතරක් පෙනෙන පරිදි ගත් සේයා රුවක්.
හැමෝම බලාගෙන උන්නු තවත් විශේෂ කාරණාවක්නෙ, ඇගේ නම මොකක්ද කියන එක.
ඡායාරූපයත් එක්කම නමත් ප්‍රසිද්ධ කරලා...
''Dua Padukone Singh'' ඒ තමයි රන්වීර් - දීපිකා දෙන්නගෙ දූ පොඩ්ඩ.
ඒ නමත් හරි විශේෂයි.
මොකද මේ නමට තාත්තගේ උරුමය විතරක් නෙවෙයි, අම්මගේ උරුමයත් ඇතුළත්.
නමට හරි ලස්සන තේරුමකුත් තියෙනවා. ඒ ගැනත් දීපිකා හැමෝටම කියලා තිබුණා.
''යාච්ඤාව'' ඒ තමයි 'Dua' යන්නෙහි තේරුම.
දීපිකා කියන විදියට, ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නු කෙනා තමයි 'Dua'
289 Views
Comments