මළවුන් සිහිපත් කිරීම සඳහා කැප කරන ලද දිනය “හැලොවීන්” ගැනයි මේ කතාව (PHOTOS)

පුංචි කාලේ කාටූන්වල එහෙම දැක්ක තරමක් බය හිතෙන විදියට හිනාවෙන වට්ටක්කා ගෙඩි එක්ක, ලොකු කතාවක් ඇති විත්තිය බොහෝදෙනා දන්නෙ පසුකාලීනව බැව් සැක නෑ.
''හැලොවීන්'' ඒ තමයි ඊට අදාළ නම.
හැලොවීන් කියන්නෙ මීට ඉස්සර නම් තරමක් ආගන්තුක නමක් වුණාට මොකද, දැන් දැන් ලංකාවෙත් හැලොවීන් සැමරුම් හරි සුලබයි.
බොහෝ රටවල හැලෝවීන් සමරන්නෙ ඔක්තෝබර් 31. ඒ, බටහිර ජාතීන් විසින් මළවුන් සිහිපත් කිරීම සඳහා කැප කරන ලද දිනයක් හැටියට. හරියටම කිව්වොත් එය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්. එහි ආරම්භය වසර දෙදහසක් පමණ ඈතට විහිද යන්නක්.
ඒ අනුව මෙම සැමරුම වෙනුවෙන් හැරගිය ආදරණීයයන්ගේ සොහොන් මත මල් සහ ඉටිපන්දම් තැබීම, යාඥා කිරීමට සුසාන භූමි වෙත යාම වැනි සම්ප්රදායන් දැක්විය හැකියි.
ජනප්රිය සංස්කෘතිය තුළ මෙම සැමරුම තරමක ඉහළ ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා.
ආරම්භයේදී මළගිය ආත්ම වෙනුවෙන් සහ භූත ආත්ම පලවා හැරීම වැනි කාරණා මුල්කරගත් හැලොවීන්, අද වෙද්දි කුඩා දරුවන්ට සහ තරුණ පිරිස් අතර විනෝද උත්සවයක් වී ඇති සෙයක් දක්නට ලැබෙනවා.
ඒ අතර ප්රධානයි, හැලොවීන් විලාසිතා.
මේ සේයා රූ එකතුවෙන්, හැලොවීන් විලාසිතා ගැන ඔබට අදහසක් ගන්න පහසු වේවි...
203 Views
Comments