රසික රසිකාවියන් අංක එකට තැබූ අනිල් කපූර්, සාක්කුවටම වැටුණු කෝටි 10ක් එපා කියයි

ඉන්දීය නළු අනිල් කපූර් තමන්ගෙ සාක්කුවට ම වැටෙන්න ඔන්න මෙන්න තිබුණු, ඉන්දීය රුපියල් කෝටි 10ක් එපා කියලා ! ප්‍රතික්ෂේප කරලා !!!
ඊට තනිකරම හේතු වෙලා තියෙන්නෙ, සිය රසිකයින් අංක එක වීම බව සඳහන්.
අනිල් කපූර් මේ විදියට ප්‍රතික්ෂේප කරලා තියෙන්නෙ, ඔහුට ලැබුණු 'pan masala' සන්නාමයේ වෙළඳ දැන්වීමක්.
ඔහුට අනුව ඔහු වටා ඉන්න රසික රසිකාවියන්ගෙ සෞඛ්‍යය තමයි අංක එක.
ඉතින්, වගකීම් සහගත තරුවක් හැටියට රසික සමූහයාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන නිෂ්පාදන අනුමත නොකිරීමයි ඔහුගේ විදිය.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලන අනිල් කපූර්, මූල්‍ය ලාභයට වඩා ඔහුගේ ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය දෙන තරුවක්.
ඔහු ප්‍රවර්ධනය කරන නිෂ්පාදන කලාකරුවෙකු සහ පොදු චරිතයක් යන දෙඅංශයෙන්ම සිය වටිනාකම්වලට සමපාත වන බව සහතික කරමින් ප්‍රවර්ධනය කරන ඒවා ලෙස ප්‍රකටයි.
ඉතින් ඒ හේතු කාරණා නිසයි, අනිල් කපූර් කෝටි ගාණක මේ වෙළඳ දැන්වීම එපා කියලා තියෙන්නෙ.
කොහොම නමුත් මේ වෙළඳ දැන්වීම ප්‍රතික්ෂේප කළ එකම කෙනා අනිල් කපූර් නෙවෙයි.
ජෝන් ඒබ්‍රහම්, අල්ලු අර්ජුන්, කාර්තික් ආර්යන්, ස්මෘති ඉරානි ද ඊට අයත්.
ඒත් එක්කම මීට ඉහත ආක්ෂේ කුමාර්, අජේ දේව්ගන් සහ ෂාරුක් මෙවන් වෙළඳ නාම අනුමත කිරීම නිසාම මිනිසුන්ගේ දැඩි විවේචනයටත් ලක්වුණා. පසුව ආක්ෂේ ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරලා තිබුණා තමන් යළි එවැනි දැන්වීම්වල කොටසක් නොවන බව.
236 Views
Comments