“හිතා ගන්න බෑ සුද්දි ලස්සන රෝසමලක් වගේ ඉන්න ඔයාට නිවන් සුව කියන්නෙ කොහොමද කියලා” - දෑස් කඳුලින් තෙමා අකලට මිලින වුණු යුවතිය (PHOTOS)

ඈ නමින් 'හංසිනී භාග්‍යා ජයතිලක'
30 හැවිරිදි උපාධිධාරිණියක් වුණු හංසිනී පසුගිය දවසක අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා. ඒ, අඩක් වැඩ නිම කළ දෙමහල් නිවසක අනාරක්ෂිත ස්ථානයකින් බිමට ඇද වැටීම නිසාවෙන්.
කෙල්ලොම තුන්දෙනෙක්ගෙන් යුත් පවුලේ ඈ දෙවැන්නා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක් ලෙස වෘත්තිය කළ ඇය නිවිතිගල ප්‍රදේශයේ යුවතියක්.
හංසිනී රැකියාව කර තිබුණේ, තවත් මිතුරියක් සමඟ බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක නවාතැන්ගෙන.
ගෙවුණු සිකුරාදා (11) ඇය සිය රාජකාරී නිමවා නවාතැනට ඇවිත් තිබුණේ රෑ කෑමට පිළියෙල කරන්න ඉස්සෝ පාර්සලයක් ද රැගෙන.
ඈ කිසිවිටෙකත් නොසිතන්නට ඇති, ඒ ඇයගේ අවසන් ගමනට පෙර ගෙවෙන හෝරා කිහිපය බව.
එක කාමරය බෙදාගන්නා අනෙක් මිතුරිය නාන කාමරයට ගිය අතරතුර හංසිනී තමන් රැගෙන ආ ඉස්සෝ පාර්සලය සුද්ද කිරීමට සූදානම්ව තිබුණා.
ස්වල්ප මොහොතකින් නාන කාමරයේ සිටි මිතුරියට කෑ ගැසීමක් සමඟ විශාල ශබ්දයක් ඇසී තිබෙනවා.
සැනින් ක්‍රියාත්මක වුණු ඇය එහිවිත් බැලීමේදී දැක ඇත්තේ යමෙක් පහළ වැටී සිටින අන්දමක්.
පහළට දිව ගොස් බැලූ ඈට අවසන දැකගත හැකිව තිබුණේ පහළ වූ ප්ලාස්ටික් බඳුන් මතට වැටී සිටි තම සගයාව. එහෙමත් නැත්නම් හංසිනීව.
මෙලෙස අනතුරට ලක්වුණු ඇයව වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නිවෙස් හිමියන් ද කටයුතු කර තිබුණා.
කෙසේ නමුත් හදිසි ප්‍රතිකාර අංශයේ ජීවිතය ඉල්ලමින් සිටි හංසිනී, පෙරේදා (13) සියල්ලන්වම හඬවමින් අවසන් ගමන් ගොස් තිබුණා.
හංසිනී ඇද වැටී තිබුණු ස්ථානය, බැලූ බැල්මට කලෙක පටන් ආවරණය නොකළ අනාරක්ෂිත ස්ථානයක්.
ඇය වැටී සිටි තැන ම ඉස්සන්ගේ ඉවතලූ කොටස් සහිත බෑගයක් ද හමුවුණු බවයි සිදුවීම සම්බන්ධව තලංගම පොලීසියේ සඳහන වුණේ.
ඒ අනුව මියගිය හංසිනී සුද්ද කරන ලද ඉස්සන්ගේ කොටස් උඩු මහලේ පිටුපස කොටසේ තබා ඇති භාජනයට දැමීමට යාමේදී ඇගේ පය ලෙස්සා ගොස් වූ අනතුරකින් මෙම මරණය සිදුවූ බවට සැක කළ හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
දහසකුත් බලාපොරොත්තු ඇතිව දියණියව උස් මහත් කළ ඒ ආදරණීය අම්මාට මේ වියෝව අන් කාටත් වඩා දැනෙන බව විශේෂයෙන් පහදා දිය යුතු නොවේ....
''අනේ එතෙන්ට එන තව දරුවෙක්වත් නැති වුණොත් ඒ අම්මත් මේ දුකම විඳී කියලා තමයි කියන්න තියෙන්නෙ....''
ඒ, හැඬූ කඳුළින් වචන ගැළපූ හංසිනීගේ මවයි.
කිසිවෙකුට නරකක් නපුරක් නොකර වේදනාත්මකව අවසන් ගමන් ගිය මිතුරිය ගැන තබන ලද සංවේදී සටහන් රැසක් ම මුහුණු පොතෙහි ද මෙලෙස අපට දක්නට ලැබුණා.
''හිතා ගන්න බෑ සුද්දි ඔයා අපිව දාල මෙච්චර ඉක්මනට ගියා කියල
ඔයා ඉක්මනට සනීප වෙලා එනකන් අපි ඔක්කොම බලාගන හිටියෙ
ලස්සන රෝසමලක් වගේ ඉන්න ඔයාට නිවන් සුව කියන්නෙ කොහොමද
කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා
නිවන් සුව ලැබේවා රත්තරනේ ''
360 Views
Comments