වැඩිහිටි දින උත්සවයේදී වැඩිහිටියන් පිනවීමට ගීත ගයමින් සිටි වැඩිහිටියාට අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

වැඩිහිටි දින උත්සවයේදී වැඩිහිටියන් පිනවීමට ගීත ගයමින් සිටි වැඩිහිටියාට අත්වුණු ඉරණම

වැඩිහිටි දින උත්සවයේදී වැඩිහිටියන් පිනවීමට ගීත ගයමින් සිටි වැඩිහිටියාට අත්වුණු ඉරණම

වැඩිහිටි දිනයට සමගාමීව වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව බිංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය මගින් සංවිධානය කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අගය කිරීමේ විශේෂ වැඩසටහනේදී ගීතයක් ගායනා කරමින් වැඩිහිටියන් සතුටු කරමින් සිටි තවත් වැඩිහිටියකු ගීතය ගයා අවසානයේදී එතැන දීම ජීවිතයට සමුදුන් අනුවේදනීය පුවතක් එම ප්‍රාදේශීය කාර්යාලයෙන් වාර්තා විය.

 

හදිසි හෘදයාබාධයකින් මෙසේ මියගොස් ඇත්තේ බිංගිරිය, විලත්තව, පදිංචිකරුවකු වූ එල්.එම්.සිරිසේන නමැති 75 හැවිරිදි දෙදරු පියෙකි.

 

ඔහු එම වැඩිහිටි බලමණ්ඩලයේ ලේකම්වරයකු ද වන අතර මෙම වැඩිහිටි උත්සවයේදී පැදුරු සාජ්ජයකින් වැඩිහිටියන් රසවත් කළයුතු බවට යෝජනා කර ඇත්තේ ද ඔහුම බව පවසයි.

 

එම අවස්ථාවට සහභාගීවෙමින් සිටි, ප්‍රාදේශීය ලේකම් සඳමාලී තිලකරත්න මහත්මියගේ මැදිහත්වීමෙන් සිරිසේන මහතා වහා බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කරන ලද අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු දන්වා ඇත.

views

243 Views

Comments

arrow-up