“වෘත්තීය වශයෙන් එකතැන පල්වීම සුදුසු දෙයක් නෙමෙයි” - නයනතාරා වික්‍රමආරච්චි (PHOTOS)

නයනතාරා වික්‍රමආරච්චි කියන්නෙ නව පරපුරේ ජනප්‍රියම සහ දක්ෂතම රංගන ශිල්පිනියක්. සම්මානනීය රංගන ශිල්පිනියක්.
ඇයගේ රංගනයන්, ආරම්භයේ පටන්ම වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.
ඒ කතාබහ අතර විවේචන නොතිබුණාමත් නෙවෙයි.
කොහොම නමුත් නයනතාරා කියන්නෙ රංගනය ඉගෙන ගනිමින් සාර්ථක ගමනක් යන තාරකාවක් කිව්වොත් හරි.
ඊට කදිම සාක්ෂියක් පහුගිය දවසක ඇගේ සමාජ මාධ්‍ය පළ කිරීම් අතර දකින්න ලැබුණා.
ඒ, ඇය සාර්ථකව නිම කළ රංගනය පිළිබඳ ඩිප්ලෝමාවක් සම්බන්ධව.
ඇය එම ඩිප්ලෝමාව සම්පූර්ණ කරලා තිබුණෙ, ඉන්දියාවේ මුම්බායිවලදි.
කාලයක් තිස්සේ තමන් කළ ඒ හැදෑරීම් ගැනත්, එහි ගෙවූ කාලයේ මතක සටහන් එකතුවකුත් ඇය මේ විදියට හැමෝමත් එක්ක බෙදාගෙන තිබුණා.
''මම මුම්බායි හි කීර්තිමත් Anupam kher’s Actor Prepares වෙතින් රංගනය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තෙමි.
ගෝලීය වශයෙන් විශිෂ්ටතම රංගන පාසලක් ලෙස සලකනු ලබන එය මිල කළ නොහැකි කුසලතාවලින් සන්නද්ධ කර ඇත.
සම්මානලාභී නිළියක් ලෙස මගේ තත්ත්වය අනුව වැඩිදුර අධ්‍යාපනයේ අවශ්‍යතාව ඇතැමුන් ප්‍රශ්න කළත්, අඛණ්ඩ ඉගෙනීමේ කාලානුරූපී වටිනාකම මම තරයේ විශ්වාස කරමි.
ඕනෑම වෘත්තියක, කෙනෙකුගේ කුසලතා යාවත්කාලීන කිරීම සහ ඔප්නැංවීම අත්‍යවශ්‍ය වේ.
එය නොසලකා හැරීම ප්‍රගතියට බාධාවක් විය හැකිය.
යාවත්කාලීන නොකළ ජංගම උපාංගයක මෙහෙයුම් ගැටළු අත්විඳිය හැකි සේම, වෘත්තීයව එකතැන පල්වීම නුසුදුසු දෙයකි.
මම ඉන්දියාවේ ගත කළ කාලය තුළ දේශීය සංස්කෘතිය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගත්තා.
නව සහ ජවසම්පන්න පරිසරයක අපූරු මිනිසුන් සමඟ සම්බන්ධ වී, නව මිත්‍රත්වයන් ඇති කර ගත්තා. නව භාෂා ප්‍රවීණත්වයක් ලබා ගත්තා.
බොලිවුඩ් කර්මාන්තයේ ගෞරවනීය පුද්ගලයින්ගේ පාසල, ඇකඩමිය තුළ ඇති අත්දැකීම සැබවින්ම සුවිශේෂීයි.
මගේ ගෞරවනීය ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය ලබාදුන් මග පෙන්වීම සහ සහාය බෙහෙවින් අගය කරමි.
උද්‍යෝගිමත්ව ජීවිත ගවේෂකයෙකු ලෙස, මම අඛණ්ඩ ඉගෙනීම සහ පුද්ගලික සංවර්ධනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමි....''
244 Views
Comments