නිව් යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ සජීවීව ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් කළ පළමු ඉන්දියානුවා ලෙස ඉතිහාසගතවූ කලාකරුවා (PHOTOS)

'අනුෂ්කා සෙන්' නිව් යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රයේ සජීවීව ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් කළ පළමු ඉන්දියානු කලාකරුවා බවට පත්වෙමින් ඉතිහාසගත වී තිබෙනවා.
මෙම විශිෂ්ට ජයග්‍රහණය බටහිර රටකදී, ගායිකාවක් ලෙස ඇයගේ මංගල දර්ශනය සනිටුහන් කරන්නක් ද වනවා.
ඒ අනුව, අනුෂ්කා සහ AY Young එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 කෙරෙහි අවධානය යොමු කළ සංගීත ඇල්බමයක් වන "Project 17" හි ඔවුන්ගේ "Graduation" ගීතය ගායනා කර තිබුණා.
Grammy සම්මානලාභී Ken Lewis විසින් රචනා කරන ලද මෙම ගීතය අනුෂ්කාගේ අධ්‍යාපනය ඉස්මතු කරන්නක් ද වීම විශේෂයි.
ටයිම්ස් චතුරශ්‍රයේ කළ ඇගේ සජීවී ඉදිරිපත් කිරීම තුළ ඉන්දියානු සංස්කෘතිය පිළිඹිබු කරන තවත් කාරණා කිහිපයක් ම ඉස්මතුව තිබුණා.
ඈ තෝරාගෙන තිබුණු විලාසිතාව ඉන් විශේෂයි.
ඉන් ස්වදේශීය වෙළඳ නාම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා අනුෂ්කාගේ කැපවීම පිළිඹිබු වූ බවකි, බොහෝදෙනාගේ මතය වී තිබුණේ.
ඉදිරිපත් කිරීමෙන් පසුව අනුෂ්කා මෙලෙස සිය අදහස් බෙදාගෙන තිබුණා.
“ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රසංගයක් පැවැත්වූ පළමු ඉන්දියානුවා වීමට ලැබීම ගැන මම කෘතඥ වෙනවා.
අපේ රංගනයන් බලන්න ලෝකෙ වටේම මිනිස්සු හිටියා කියන එක ප්‍රීතිමත් අත්දැකීමක්.
මට මෙම අවස්ථාව ලබා දීම ගැන AY Young ට සහ කෙන් ලුවිස්ට මම ස්තූතිවන්ත වනවා.
එය මට ඇමරිකාවේ පවුලක් සිටින බවක් දනවන හැඟීමකි.
එසේම මෙම සංගීත ගමන විශේෂ වීමට හේතුවක් නම්, එය හුදෙක් විනෝදාස්වාදයට වඩා වැඩි යමක් වීමයි.
එය පෘථිවියේ පැවැත්ම සඳහා ඉදිරි වසරවලදී අප විසින් සාක්ෂාත් කරගත යුතු දේ පිළිබඳව දැනුවත් කිරීමක් ද වේ.
සංගීතය ලෝකයේ විවිධ සංස්කෘතීන් සහ විවිධ ප්‍රදේශවලින් විවිධ පුද්ගලයින් සම්බන්ධ කරන ආකාරය ඉන්ද්‍රජාලික ය.
එය මගේ පළමු රංගනය බව දැනුණේ නැත.
මම අඳින දේට මම ප්‍රිය කළේ එය ඉන්දියානු සහ ඇමරිකානුවන්ගේ පරිපූර්ණ සංයෝජනයක් වූ බැවිනි.
මෙය නව ආරම්භයක්....”
212 Views
Comments