දිවි රඟමඩලින් බැස ගිය ප්‍රවීණ රංගන ශිල්පි ඩබ්ලිව්. ජයසිරි කලාකරුවාගේ අවසන් කටයුතු අද

වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය තුළින් මෙරට කලා කෙත පෝෂණය කිරීමට ඉමහත් දායකත්වයක් සැපයූ, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ට රංගන ශිල්පි ඩබ්ලිව්. ජයසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(24) සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව එතුමාගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ (23) සහ අද (24) දෙදින තුළ බොරැල්ල පෞද්ගලික අවමංගල ශාලාවක තැන්පත් කෙරෙනු ඇති.
අවසන, 24 වැනිදා එනම් හෙට දින සවස 5.30 ට දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත බව සඳහන්.
සිය කලාව තුළ විවිධ ක්ෂේත්‍ර රැසක් ස්පර්ශ කළ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 77 වැනි වියෙහි පසුවූවා.
236 Views
Comments