40 වැනි උපන්දිනය දා හැරීට විලියම්ගෙන් ලැබුණු විශේෂ තෑග්ග (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

40 වැනි උපන්දිනය දා හැරීට විලියම්ගෙන් ලැබුණු විශේෂ තෑග්ග (PHOTOS)

40 වැනි උපන්දිනය දා හැරීට විලියම්ගෙන් ලැබුණු විශේෂ තෑග්ග  (PHOTOS)

හැරී කුමරුට පසුගිය (15) අවුරුදු 40 සම්පූර්ණ වුණා.

 

ඔහුගේ උපන්දිනය දවසෙ හරි සුවිශේෂී සුබපැතුමක් දකින්න ලැබුණා.

 

සුබපැතුම ලැබිලා තිබුණෙ, රජ පවුලෙන්. එහෙමත් නැත්නම් වේල්ස් කුමරු සහ කුමරියගෙන්.

 

''Wishing The Duke of Sussex a very happy 40th birthday today!'' මැයෙන් රජ පවුලේ නිල සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත සුබපැතුම එක්කර තිබුණේ, හැරී සිනහවෙන් මුව සරසා ගත් අපූරු ඡායාරූපයක් ද එක්ක.

 

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන හැටියට මේ ප්‍රසිද්ධ සුබපැතුම පැමිණෙන්නේ වසර තුනකට පසුව.

 

ඔප්රා වින්ෆ්‍රි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී සසෙක්ස් ආදිපාදවරයා විසින් සෘජුව නම් නොකළ රාජකීයන්ට සතුරුකම් සහ ජාතිවාදය සම්බන්ධ චෝදනා කළ 2021 වසරෙන් පසු රාජකීය පවුල හැරීට මෙලෙස ප්‍රසිද්ධ උපන්දින සුබ පැතුමක් බෙදාගත් පළමු අවස්ථාව‍යි මේ.

 

ඒ නිසාම බොහෝදෙනාගේ අදහස, මේ සුබපැතුම වේල්ස් කුමරු සහ කුමරිය සසෙක්ස් ආදිපාදවරයා එක්ක ඇති විරසකයේ හරි පුංචි සාම ලකුණක් වන වග.

 

 

හැරී රාජකීයයෙකු ලෙස සිය කටයුතුවලින් ඉවත්ව යන්නේ 2020 දී. පසුව ඔහු විලියම් කුමරු සමඟ විරසකව පසුවන බව ප්‍රසිද්ධ රහසක්.

 

ඒ නමුත් ඔවුන්ගේ පියා වන චාල්ස් රජු සමඟ හැරී දැඩිව සබඳතා පවත්වන බවත් කවුරුත් දන්නා කාරණයක්.

 

 

ජීවිතයේ 4 වන දශකයට පා තබමින් හැරී කුමරු ඔහුගේ කැලිෆෝනියාවේ නිවසේදී මේගන් සහ දරුවන් දෙදෙනා වන ආචී කුමරු - ලිලිබෙට් කුමරිය සමඟ සමීප මිතුරන්වත් එක්ක උපන්දිනය සැමරූ බවත් සඳහන්.

 

 

views

2139 Views

Comments

arrow-up