ආදරේ වැඩිකමට කෑම ගොඩක් දීලා, බර කිලෝ 17ක් වෙලා - රුසියාවෙන් ඇහෙන පූස් කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

ආදරේ වැඩිකමට කෑම ගොඩක් දීලා, බර කිලෝ 17ක් වෙලා - රුසියාවෙන් ඇහෙන පූස් කතාව (PHOTOS)

ආදරේ වැඩිකමට කෑම ගොඩක් දීලා, බර කිලෝ 17ක් වෙලා - රුසියාවෙන් ඇහෙන පූස් කතාව (PHOTOS)

අධික බරකින් යුක්ත බළලෙක් රුසියාවේ රෝහලක පහළ මාලය තුළ ජීවත්ව සිටියදී හමුව තිබෙනවා.

 

ක්‍රොෂික් (Kroshik) නැමති මෙම බළලා රුසියාවේ සත්ත්වලෝලීන් විසින් බේරාගන්නා විට කිලෝග්‍රෑම් 17 ක බරකින් යුක්ත වූ බව සඳහන්.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ක්‍රොෂික් හමුවූයේ ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක සිටියදී බවයි.

 

ක්‍රොෂික්ට හිතැති රෝහල් සේවකයින් ලබාදෙන කෙටි කෑම, මෙම අධික බරට හේතු වී ඇති අතර බළලාට එම නම ලැබී ඇත්තේ ද අධික ලෙස කෙටි කෑමවලට දක්වන ප්‍රියතාව නිසා බව සඳහන්.

 

ක්‍රොෂික්ව පෙර අයිතිකරුවන් විසින් රෝහල් පරිශ්‍රයේ අතැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

කෙසේ නමුත් බළලා මේ වන විට සත්ත්ව සුබ සාධන ආයතනයක් යටතේ ප්‍රතිකාර ලබමින් තරමක් දුරට සුවය ලබමින් පසුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

views

2586 Views

Comments

arrow-up