අදිති - සිද්ධාර්ත් විවාහ දිවියට - සරල සහ අලංකාර ලෙස කෙරුණු මංගල උත්සවයේ ඡායාරූප පෙළ (PHOTOS)

අදිති රාඕ (Aditi Rao Hydari) සහ සිද්ධාර්ත් යුවළගේ හරි අපූරු මංගල සේයා රූ එකතුවක් දකින්න ලැබුණා.
අදිති - සිද්ධාර්ත් ප්‍රේම කතාව කාලයක් තිස්සේ කවුරු අතරත් කතාබහට ලක්වුණු එකක්.
දෙන්නා විවාහ ගිවිස ගත්තෙ පසුගිය මාර්තු මුල.
ඔන්න අද, අදිති - සිද්ධාර්ත් යුවළගෙ සමීපතමයින් එක්ක හින්දු චාරිත්‍රානුකූලව, සරල හා අලංකාර අන්දමින් කෙරුණු මංගල උත්සවයේ ඡායාරූප එකතුවක් මේ විදියට බෙදාගෙන තිබුණා.
මීට ඉහත, Vogue India එක්ක කළ සම්මුඛ සාකච්ඡාවකදී විවාහ සැලසුම් ගැන කරන ලද විමසීමකට ප්‍රතිචාර හැටියට, අදිති කියලා තිබුණා
“මගේ පවුලට වැදගත් වන වනපර්ති ප්‍රදේශයේ වසර 400ක් පැරණි කෝවිලක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විවාහ මංගල්‍යය පැවැත්වෙනු ඇති” යනුවෙන්.
ඒ කතාව සනාථ කළ ඡායාරූප එකතුවක් තමයි මේ වෙද්දි කාගෙත් ආකර්ෂණය දිනාගෙන හුවමාරු වෙන්නෙ.
තෙලන්ගානා ප්‍රාන්තයේ වනපර්ති ප්‍රදේශයේ වසර 400ක් පැරැණි කෝවිලක් පසුබිම් කරගත් ඡායාරූප එකතුව, ආදරණීය වගේම කලාත්මක බවිනුත් අනූන එකතුවක්.
අදිති - සිද්ධාර්ත් 2021දී, මහා සමුන්ද්‍රම් චිත්‍රපටයේ එකට වැඩ කරලා තිබුණා. පස්සෙ තමයි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ.
4347 Views
Comments