මයිකල් ජැක්සන්ගේ සොහොයුරා වයස 70දී මෙලොව හැරයයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

මයිකල් ජැක්සන්ගේ සොහොයුරා වයස 70දී මෙලොව හැරයයි (PHOTOS)

මයිකල් ජැක්සන්ගේ සොහොයුරා වයස 70දී මෙලොව හැරයයි (PHOTOS)

ජැක්සන් 5 පොප් සංගීත කණ්ඩායමේ මුල් සාමාජිකයෙකු සහ අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ සොහොයුරා වන ටිටෝ ජැක්සන්, අභවප්‍රාප්ත වූ බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

 

මිය යන විට ඔහු 70 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.

 

 

මරණයට නිල හේතුවක් තවමත් නිශ්චය කර නොමැති අතර, ඔහු මියුනිච් හි පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් සඳහා සූදානමින් සිට තිබෙනවා.

 

ලොවක් වසඟ කළ ටිටෝ ජැක්සන්ගේ සොහොයුරු මයිකල් ජැක්සන් 2009 දී මිය ගියා.

 

 

පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගේ වැඩිමහල් සොහොයුරෙකු වන ටිටෝ ජැක්සන් 1953 ඔක්තෝබර් 15 වන දින ටොරියානෝ ඇඩරිල් ජැක්සන් ලෙස උපත ලැබූ අතර ඇමරිකානු ගායකයෙක්, ගිටාර් වාදකයෙක් සහ සුප්‍රසිද්ධ ජැක්සන් පවුලේ සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය වූ පුද්ගලයෙක්.

 

views

267 Views

Comments

arrow-up