තිර පිටපතට ඇතුළත් කර නොතිබුණු ආන්දෝලනාත්මක දර්ශනයක් සඳහා බල කළ බවට ජනප්‍රිය නිළියකගෙන් අධ්‍යක්ෂකවරයෙකුට චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
11

තිර පිටපතට ඇතුළත් කර නොතිබුණු ආන්දෝලනාත්මක දර්ශනයක් සඳහා බල කළ බවට ජනප්‍රිය නිළියකගෙන් අධ්‍යක්ෂකවරයෙකුට චෝදනා

තිර පිටපතට ඇතුළත් කර නොතිබුණු ආන්දෝලනාත්මක දර්ශනයක් සඳහා බල කළ බවට ජනප්‍රිය නිළියකගෙන් අධ්‍යක්ෂකවරයෙකුට චෝදනා

තිර පිටපතට ඇතුළත් කර නොතිබුණු ලිංගික දර්ශනයක් රූගත කිරීමට තමා හට බලපෑම් කළ බවට ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළි Gemma Arterton තොරතුරු හෙළිකර තිබෙනවා.

 

ඒ, බ්‍රිතාන්‍ය ප්‍රකාශනයක් වන රේඩියෝ ටයිම්ස් (Radio Times) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

 

එහිදී ඇය සඳහන් කර තිබුණේ, අධ්‍යක්ෂවරයා විසින් ඇයට සහ ඇගේ සම නළුවා හට ලිංගික දර්ශනයක් රූගත කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවයි.

 

නමුදු තිර පිටපතෙන් එහා කිසිදු දර්ශනයකට තමා එකඟ නොවන බවට අවධාරණයෙන් පවසා සිටි බවයි ඇය සඳහන් කර තිබුණේ.

 

එමෙන්ම අදාළ දර්ශනය රූගත කරන්නේ නම්, තමන් චරිතය භාර නොගන්නා බව ප්‍රකාශ කළ බවත් ආර්ටර්ටන් සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

 

කොහොම නමුත් අධ්‍යක්ෂකවරයාගේ බලපෑම් හමුවේ වුවද තමන් අදාළ දර්ශනය ප්‍රතික්ෂේප කිරීමට සමත් වූ බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

 

views

360 Views

Comments

arrow-up