උපාධි පහකුත් අරන් රංගනයෙන් මුලු ලෝකෙම හෙල්ලූ “ෂාරුක් කාන්”

ඒ බව ඔබට වඩාත් පැහැදිලි ඇති, මේ දක්වා ඔහු දිනා ඇති සාර්ථකත්වයත් එක්ක.
සරල ම කිව්වොත් ෂාරුක් කියන්නෙ, නළුවෙක් පමණක් ම නොවූ බහුශ්‍රැත චරිතයක්.
එහෙමත් නැත්නම්, ශාස්ත්‍රඥයෙක්.
ආර්ථික විද්‍යාව පිළිබඳව ඔහු සිය මූලික උපාධිය සම්පූර්ණ කරන්නෙ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් බව කියවෙනවා. පසුව ඔහු ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට තෝරාගත්තත් කලක් එය අතරමග ඇණහිටි බවත් සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, ෂාරුක් ඛාන් හට ලොව විවිධ විශ්වවිද්‍යාලයන්හි ගෞරව උපාධි ත්‍රිත්වයකුත් හිමියි.
ඒ මෙල්බර්න් හි ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන්, Bedfordshire විශ්වවිද්‍යාලයෙන් (2009) සහ Edinburgh විශ්වවිද්‍යාලයෙන් (2015).
එහෙම ඔහුට ආචාර්ය උපාධි පිරිනැමෙන්න හේතු කාරණා ගණනාවක් ම තියෙනවා.
ඒ අනුව,
බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමා තිබුණේ කලා හා සංස්කෘතිය පිළිබඳව.
2015 දී ඔහු එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය ගෞරව උපාධිය ලබාගන්නා මොහොතෙ, කාගෙත් සිත් ඇද බැඳ ගන්නා කතාවකුත් කරලා තිබුණා.
ඒ, ඔහු මෙතෙක් පැමිණි සිය ගමන ගැන.
ෂාරුක්ට ගෞරව කරන්න තවත් හේතුවක් තමයි ඔහු නිහඬව ම කරන සමාජ මෙහෙවර.
ඒ ගැන ඔහු වරෙක මේ විදියට කතා කරලා තිබුණා.
''දානය නිශ්ශබ්දව හා ගෞරවාන්විතව කළ යුතු බව මම විශ්වාස කරමි.
පුණ්‍ය ක්‍රියාවන් ගැන කතා කළ නොහැක්කේ එහි අරමුණ නැතිවන බැවිනි.
මහජන පෞරුෂයක් ලෙස මගේ තත්ත්වය මගේ හදවතට සමීප අරමුණු සඳහා යොදා ගැනීමට හැකිවීම මට වරප්‍රසාදයක්.
කාන්තාවන් සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ මූලික මානව හිමිකම් සඳහා මම ක්‍රියාකාරීව සහභාගී වෙමි.
මට බොහෝ දේ ලබා දුන් ලෝකයට මා නැවත දේවල් දිය යුතු බව මම තරයේ විශ්වාස කරමි.
මට පිරිනැමුණු මෙම ගෞරව ආචාර්ය උපාධිය පිළිබඳව මම නිහතමානීව සතුටු වන අතර,
මාව තෝරාගැනීම සම්බන්ධයෙන් සැමට ස්තූති කිරීමට කැමැත්තෙමි....''
201 Views
Comments