රටින් යන්න ගිය ඩෑන් ප්‍රියසාද්ව කටුනායක ගුවන්තොටේදී ආපසු හරවා එවයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

රටින් යන්න ගිය ඩෑන් ප්‍රියසාද්ව කටුනායක ගුවන්තොටේදී ආපසු හරවා එවයි

රටින් යන්න ගිය ඩෑන් ප්‍රියසාද්ව කටුනායක ගුවන්තොටේදී ආපසු හරවා එවයි

විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා ඇති ලියනගේ අබේරත්න සු⁣⁣රේෂ් ප්‍රියසාද් හෙවත් 'ඩෑන් ප්‍රියසාද්' යන අය රටින් පිටවීමට දැරූ උත්සාහයක් ඊයේ (20) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල බලධාරීන් වළක්වා ඇතැයි වාර්තා විය.

 

රාත්‍රී 08.35ට පිටත්වූ EK 653 ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යාමට ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර

 


ඔහුගේ ලිපිලේඛන භාරදී තිබූ අවස්ථාවේ ජාලගත දත්ත ගොනුව පරීක්ෂා කිරීමේදී ඔහු විදෙස්ගතවීම තහනම් කර තිබෙන අයෙකු බව බලධාරීන් දන්වා තිබේ.



2022 මැයි 09 වනදා ගාලුමුවදොර සාමකාමී විරොධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ලෙස නම් කර තිබෙන ඩෑන් ප්‍රියසාද් රක්ෂිත බන්ධනාගාරගතව ටික කලක් සිටි අතර පසුව ඇප මත නිදහස ලබා ඇත්තේ විදෙස් ගමන් තහනම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේය.

 

ඔහු නිදහස ලද පසුවත් විවිධ ආන්දෝලනාත්මක දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී වූයේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ධූරය අධිකරණය මගින් මීට සති කිහිපයකට පෙර අත්හිටවන ලද අවස්ථාවේ ඔහු උද්ඝෝෂණයකද නිරතවූයේ යළි පොලිස්පති ලෙස දේශබන්දු පත් කරන ලෙස ඉල්ලමිනි.‍

 

අරගල සමයේ ඊට එරෙහිව කටයුතු කළ ඩෑන් ප්‍රියසාද් තමන් පහරකෑමකට ලක්වූ බව පවසමින් ප්ලාස්ටරයක් මුහුණේ අළවාගෙන සිටියේ බොරුවට බවද එකල මත පැතිරිණි.
විවිධ මතවාද මාධ්‍ය ඔස්සේ සමාජ ගත කිරීම සඳහා ඔහු ප්‍රසිද්ධියක් උසුලන අතර ඒ වෙනුවෙන් ඇතැමුන් ඔහු 'හයර්' කරන බවටද විවේචන තිබේ.

 

ඊයේ ගුවන්තොටුපළ බලධාරීන් ඔහුට විදෙස්ගතවීමට හැකියාවක් නැතැයි දැන්වූ පසු ඔහු නැවත හැරී ගිය බව වාර්තා විය.

views

255 Views

Comments

arrow-up