“හැමෝම ආපහු ආවත් පොඩි එක්කෙනා ආවෙ නෑ” - යාළුවොත් එක්ක වැවකට නාන්න ගිහින් උපන්දිනය දවසේම දිය රකුසාට බිලි වුණු ප්‍රනීත්

ඉන්දීය සිසුවෙකු කැනඩාවේ ටොරොන්ටෝ හි වැවක ගිලී මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මෑතකදී සිය ශාස්ත්‍රපති උපාධිය අවසන් කර කැනඩාවේ රැකියාවක් සොයමින් සිටි හයිද්‍රාබාද්හි ප්‍රනීත් නම් අයෙකි.
ප්‍රනීත් සිය මිතුරන් සමඟ කැනඩාවේ වැවක් ආශ්‍රිත ප්‍රදේශයකට සෙනසුරාදා (14) ගොස් තිබුණේ සිය උපන්දින සැමරුම සඳහා නිවාඩුවක් ගත කිරීමටයි.
අනතුරුව එම පිරිස ඉරිදා කැනඩාවේ ක්ලියර් ලේක් වෙත දියනෑමට ගොස් ඇති බව සඳහන්. එම අවස්ථාවේදීයි ප්‍රනීත්, දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වන්නේ.
දිය නෑමට ගිය පිරිස අතර ඔහුගේ වැඩිමල් සහෝදරයා ද වුණු බව සඳහන්.
ප්‍රනීත් සිය අධ්‍යාපන කටයුතු සඳහා 2019 දී කැනඩාවට ගොස් ඇති අතර පසුව ඔහුගේ වැඩිමල් සහෝදරයා 2022 දී කැනඩාවට ගොස් තිබෙනවා.
පුත්‍රයාගේ මරණය පිළිබඳව සඳහන් කරමින් ප්‍රනීත්ගේ පියා පවසා තිබුණේ, මිතුරෙකු මාර්ගයෙන් තමා මෙම ශෝකී පුවත දැනගත් බවත් ගලවා ගැනීමේ කණ්ඩායම් වැව වෙත පැමිණීමට පැය 10 කට වැඩි කාලයක් ගතව තිබූ බවත් ය.
“දෙදෙනාම සෙනසුරාදා, ප්‍රනීත්ගේ උපන්දිනය සැමරීමට අනෙක් මිතුරන් සමඟ වැවට ගිහින් තිබුණා.
ඔවුන් දිය නෑමටත් ගියා. හැමෝම ආපහු ආවත් පොඩි එකා (ප්‍රනීත්) ආවෙ නෑ”
එමෙන්ම ඔහු ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණේ ප්‍රනීත්ගේ දේහය කඩිනමින් ඉන්දියාවට ගෙන්වා දෙන ලෙසයි.
244 Views
Comments