සුපිරි පොප් තාරකාව සිය දීර්ඝතම ලෝක සංචාරය ඇරඹීමට යයි - නව ඇල්බමය ගැනත් නිවේදනයක්

පොප් තාරකාවක් වන කයිලි මිනොග් (Kylie Minogue), සිය දීර්ඝතම ලෝක සංචාරය සම්බන්ධව නිවේදනය කර තිබෙනවා.
ඒ ඇගේ නැවත පැමිණීම සනිටුවහන් කරන ඇල්බමය වන,'Tension II' පිළිබඳ සඳහනකුත් සමඟයි.
ඒ අනුව Tension II, ඔක්තෝබර් 18 නිකුත් කරනු ඇති.
දින 20 කින් සමන්විත මිනොග්ගේ ලෝක සංචාරය පෙබරවාරි මාසයේදී ඇරඹෙන බව සඳහන්.
එහි ආරම්භය, ඇගේ මව් රට වන ඔස්ට්‍රේලියාවෙන් ඇරඹීමට නියමිතයි.
අනතුරුව මැයි 16 වන දා මිනෝග් එක්සත් රාජධානියට ළඟා වීමට සැලසුම් කර ඇති බවත් එහිදී ඇය Glasgow හි OVO හයිඩ්‍රෝ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ප්‍රසංගයක් පවත්වනු ඇති බවයි වාර්තා වන්නෙ.
197 Views
Comments