“අයිශ්වර්යා රායි නිහතමානී සහ සංස්කෘතික දරුවෙකු ඇති දැඩි කළා” - මවගේ ජයග්‍රහණය දියණියගේ ඇසින් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

“අයිශ්වර්යා රායි නිහතමානී සහ සංස්කෘතික දරුවෙකු ඇති දැඩි කළා” - මවගේ ජයග්‍රහණය දියණියගේ ඇසින් (PHOTOS)

“අයිශ්වර්යා රායි නිහතමානී සහ සංස්කෘතික දරුවෙකු ඇති දැඩි කළා”  - මවගේ ජයග්‍රහණය දියණියගේ ඇසින් (PHOTOS)

කවදත් තරු ගුණයෙන් බැබළුණු ඓශ්වර්යා ගැන මේ දවස්වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන්න අරන්.

 

ඓශ්ටත් වඩා ඒ කතාබහේ මාතෘකාව ඇගේ දියණිය, ආරාධ්‍යා බච්චන්.

 

සරලව ම කිව්වොත් ඇය හැමෝවම තමන් කෙරෙහි ආකර්ෂණය කරගෙන.

 

පසුගියදා අවසන් වූ SIIMA 2024 උළෙලේදීයි මේ විදියට ආරාධ්‍යා ගැන කාගෙත් අවදානය යොමුවෙලා තිබුණේ.

 

ඩුබායිවල පැවති සම්මාන උළෙලට ඓශ්වර්යා සහභාගීව උන්නෙ ආරාධ්‍යා එක්ක. 2023 වසරේ ඓශ්වර්යාගේ Ponniyin Selvan: II චිත්‍රපටය වෙනුවෙන් ඇය ප්‍රධාන චරිතයක හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා.

 

ඓශ්වර්යා සම්මානය ලබාගන්නා මොහොත ආරාධ්‍යා මහත් ආදරයකින් කැමරාවට හසුකරගන්නා ආකාරයත්, පසුව මව සහ දියණිය වැළඳගන්නා ආකාරයත් කාගෙත් වැඩි කතාබහට සහ අවදානයට ලක්වෙලා තිබුණා.

 

 

ආරාධ්‍යා ගැන කතාබහට ලක්වුණු තවත් එක තැනක් තමයි, ඇය ශිව රාජ්කුමාර්ගේ පාද ස්පර්ශ කර ආශිර්වාද ලබාගන්නා වීඩියෝව.

 

ඊට අනුව ඓශ්වර්යා ශිව රාජ්කුමාර් දෙසට ගොස්, ඔහුට ආචාර කරනවා. පසුව ඇය ඔහුට ආරාධ්‍යාව හඳුන්වා දෙනවා.

 

එතැනදී ශිව රාජ්කුමාර් ආරාධ්‍යාට ඔහුගේ දෑත් දිගු කළත්, ආරාධ්‍යා ඔහුට ආචාර කර වහාම ඔහුගේ දෙපා ස්පර්ශ කරමින් ආශිර්වාද ලබාගන්නවා.

 

ඒක හරි සුවිශේෂී මොහොතක්. මොකද ලොවක් දන්නා හඳුනන තරු දරුවෙක්ගේ එවන් ප්‍රතිචාරයක් කාටත් මහත් ආදර්ශයක් වන නිසාවෙන්.

 

මේ වීඩියෝව කවුරුත් බෙදාගෙන තිබුණෙ,

 

'අයිශ්වර්යා රායි නිහතමානී සහ සංස්කෘතික දරුවෙකු ඇති දැඩි කළා' යන සිරස්තලය එක්ක.

 

 

මේ සිදුවීම් වගේම සම්මානය එක්ක ඓශ්වර්යා කළ ස්තුති කතාවත් කාගෙත් අවදානය දිනාගෙන තිබුණා.

 

ඊට හේතුව ඇය එහිදී, අභිෂේක් බච්චන් ගැන කිසිදු සඳහනක් නොමැතිව ම දියණිය ආරාධ්‍යා බච්චන්ට ස්තුතිවන්ත වීම !

 

 

 

views

258 Views

Comments

arrow-up