ශ්‍රී ලංකාවේදී උපන්දිනය සැමරූ සුරූපී බොලිවුඩ් නිළි පූජා හෙග්ඩේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
16

ශ්‍රී ලංකාවේදී උපන්දිනය සැමරූ සුරූපී බොලිවුඩ් නිළි පූජා හෙග්ඩේ (PHOTOS)

ශ්‍රී ලංකාවේදී උපන්දිනය සැමරූ සුරූපී බොලිවුඩ් නිළි පූජා හෙග්ඩේ (PHOTOS)

ජනප්‍රිය බොලිවුඩ් නිළි පූජා හෙග්ඩේගේ උපන්දිනය මෑතකදී යෙදී තිබුණා.

 

ඈ සිය උපන්දින සැමරුමට නවාතැන කරගෙන තිබුණේ, ලංකාව.

 

ඒ අනුව ඇය සොබාදහමට සමීපව උපන්දිනය සමරන්න යාල ප්‍රදේශය තෝරාගෙන තිබුණා.

 

එහි අපූරු සේයා රූ එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගන්නත් පූජා අමතක කරලා නෑ.

 

 

පූජා හෙග්ඩේ මේ විදියට ලංකාවේදී සැමරුවේ ඇගේ 34 වන උපන්දිනය.

 

තෙළිඟු, හින්දි සහ දමිළ චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට පූජා, 2010 වසරේ පැවති මිස් යුනිවර්ස් ඉන්දියා හි අනුශූරිය ද වනවා.

 

ඇය පළමුව රංගනයට පිවිසෙන්නෙ දමිළ චිත්‍රපටයක් වන Mugamoodi (2012) එක්ක.

 

සම්මානනීය නිළියක වන ඇය තෙළිඟු සිනමාවේ ප්‍රමුඛතම නිළියන් අතර සිටින තාරකාවක් කිව්වොත් නිවැරදියි.

 

 

views

259 Views

Comments

arrow-up