වඳුරන්ගේ පෝෂණය වෙනුවෙන් අක්ෂේගෙන් මුදලින් ඉන්දීය රුපියල් කෝටියක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

වඳුරන්ගේ පෝෂණය වෙනුවෙන් අක්ෂේගෙන් මුදලින් ඉන්දීය රුපියල් කෝටියක්

වඳුරන්ගේ පෝෂණය වෙනුවෙන් අක්ෂේගෙන් මුදලින් ඉන්දීය රුපියල් කෝටියක්

මෙවර දීපවාලිය වෙනුවෙන් සුපිරි නළු අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටියක පරිත්‍යාග‍යක් සිදු කරලා.

 

ඒ, අයෝධ්‍යාවේ වඳුරන්ගේ පෝෂණය වෙනුවෙන්.

 

අයෝධ්‍යාවේ රාම් දෙවියන්ගේ පූජනීය පරිශ්‍රයේ වෙසෙන වඳුරන්ගේ දිනපතා පෝෂණය වෙනුවෙන් අක්ෂේ විසින් සිදුකරැති මෙම පරිත්‍යාගය, ඔහුගේ කරුණාව සහ උතුම් හදවත මනාව නිරූපණය කරන්නක් බවයි බොහෝදෙනාගේ අදහස.

 

ඔහුගේ මෙම පරිත්‍යාගය මිනිසුන් වෙනුවෙන් පමණක් නොව, සතුන් කෙරෙහිද ඔහුගේ හදවතේ ඇති ඉඩ මනාව නිරූපණය කරන්නක් ද වෙනවා.

 

ඒ වගේම, රාවණාට එරෙහි සටනේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ගෞරවනීය වඳුරන්ට ආහාර ලබා දීමෙන් රාම් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමක් හැටියටත් අක්ෂේගේ මෙම පරිත්‍යාගය පෙන්වා දෙන්න පුළුවන්.

views

177 Views

Comments

arrow-up