“මහත්තයටයි, නෝනටයි හොඳටම අපල, මේක බොන්නකෝ” - රුපියල් ලක්ෂ විසිතුනක් වූ රත්තරන් සාස්තරේ

මන්නාරමේ, නානාට්ටන්, නරුවිලිකුලම් ප්‍රදේශයේ නිවසකට ශාස්ත්‍ර කීමට පමිණි කාන්තාවක් හා කුඩා ළමයෙකු නිවසේ සිටි දෙදෙනෙකුට කිසියම් මත්ද්‍රව්‍යක් පානය කිරීමට දී ඔවුන් සිහිසුන් වූ පසුව රුපියල් ලක්ෂ විසිතුනක් වටිනා ස්වර්ණාහරණ මුදල් හා තවත් භාණ්ඩ රැසක් පැහැරගෙන පෙරේදා (27) පලා ගොස් තිබේ.
ශාස්ත්‍ර කීමට පැමිණි කාන්තාව ප්‍රකාශ කොට ඇත්තේ නිවසේ ස්වාමි පුරුෂයාට හා බිරිඳට දැඩි අපල කාලයක් ඇති නිසා මතුරා පානය කොට දීමට පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන ලෙසයි. කාන්තාව ශාස්ත්‍රකාරියට වතුර වීදුරුවක් ගෙනැවිත් දුන් පසුව ඊට මතුරා නිවසේ සිටි කාන්තාවට හා ස්වාමියාට එම වතුර පානය කිරීමට ලබා දී තිබේ.
සවස් කාලයේ දී ආපසු ඔවුන්ට පියවි සිහිය ලැබී නිවස පරීක්ෂා කොට බලන විට නිවසේ තිබූ රුපියල් ලක්ෂ විසිතුනක ස්වර්ණාභරණ රුපියල් 16,000 ක මුදලක් ජංගම දුරකතන තුනක් ඇතුලු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති බව දැක ගන්නට ලැබී තිබේ.
අවට නිවෙස්වල උදවියගෙන් උදව් ඉල්ලාගෙන අඹුසැමි යුවළ මුලින්ම වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගෙන පසුව මේ පිළිබඳව මුරුන්කන් පොලිසියට පැමිණිලි කොට ඇත.
පොලිසිය ඔවුන්ගේ පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර එහිදී නාන්නාට්ටන් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවක කාන්තාවක් හා කුඩා පිරිමි දරුවකු පාරේ ගමන්කරන ආකාරය සටහන් වී තිබී ඇත. පොලිසිය ඒ ඔස්සේ සැකකටයුතු කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඒ සඳහා මහජනතාවගේද සහය පතා ඇත.
271 Views
Comments