තහනම් ගහේ ගෙඩි කන්න අමුතුම පාරක් සොයාගත් සාජන්ට කාන්තාවකගේ නුවණ නිසා වැඩේ ගැස්සුණු හැටි

අවිවාහක විශේෂ අවශ්‍යතා ඇති තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිරියාගම පොලිසියට අනුයුක්තව සේවය කළ 41 හැවිරිදි සැරයන්වරයෙකි.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම පොලිස් වසමේම පදිංචි 27 හැවිරිදි තරුණියකි.
වින්දිත තරුණිය අඹ ගෙඩි රැගෙන ඒම සඳහා අසල නිවසකට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දිය නෑමට යමින් සිටි මව දියණිය ත්‍රිරෝද රථයක නැගී ගමන් කරන අයුරු දැක සොයා බැලීමේ දී මෙම සිද්ධිය අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
පසුව සොයා බැලීමේදී පස්වරු 3.00ට පමණ නිවසින් ගිය තරුණිය, සවස 6.30ට පමණ පොලිස් නිලධාරියා සමග ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති තරුණියක්, නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව යටතේ සැරයෙන්වරයා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
217 Views
Comments