බැල්කනියෙන් ඇද වැටී මිය ගිය සුපිරි තරුව, ලියම් පේන්ගේ අවසන් කටයුතු මිය ගොස් මාසයකට වැඩි කාලයකට පසු සිදුකරයි

ලෝක ප්‍රකට සංගීත කණ්ඩායමක් වන One Direction හි, හිටපු සාමාජික ලියම් ජේම්ස් පේන්ගේ (Liam Payne) අවසන් කටයුතු ඊයේ (නොවැම්බර් 20) එංගලන්තයේ හෝම් කවුන්ටිහි දී සිදුකෙරුණා.
ඒ, ඔහුගේ මරණයෙන් මාසයකටත් වැඩි කාලයකට පසුවයි.
බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලේ බැල්කනියෙන් වැටීමෙන් 31 හැවිරිදි පේන් මියගියේ, ඔක්තෝබර් 16 වනදායි.
බැල්කනියෙන් වැටීමෙන් ඔහු මාරාන්තික තුවාල ලබා තිබුණා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ලියම් පේන්ගේ අවසන් කටයුතු මහජනයාට විවෘත නොවන අතර ඊට ඔහුගේ පවුලේ අය සහ සමීපතම මිතුරන් පමණක් සහභාගී වන බවයි.
ඒ අනුව පේන් නියෝජනය කළ One Direction හි සගයන් වන හැරී ස්ටයිල්ස්, ලුවී ටොම්ලින්සන්, සයින් මලික් සහ නියල් හොරන් ඒ සඳහා පැමිණෙනු ඇති.
ලොවපුරා ආන්දෝලනයට තුඩුදුන් ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්‍ෂණ තවමත් ක්‍රියාත්මකයි.
සිදුකෙරුණු මූලික පරීක්ෂණවලින් හෙළි වූයේ, ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවයි.
ඒ අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය විසින් තිදෙනකු අත්අඩංගුවට ද ගනු ලැබුවා.
ඔවුන් පේන්ව සමීපව ඇසුරු කළ පුද්ගලයින් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එලෙස අත්අඩංගුවට ගත්තවුන් හට එල්ලව ඇති චෝදනා වූයේ, පේන් හට මත්ද්‍රව්‍ය සැපයීම සහ නොසැලකිලිමත්කම යනාදිය යි.
චෝදනා ලබා ඇති අයගේ අනන්‍යතාව හෙළි නොකළත් ඊට පේන්ගේ මිතුරෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ හෝටල් සේවකයෙක් අයත් බවයි සඳහන් වූයේ.
ඒ මත පදනම්ව මෙම මස මුලදී නිකුත් කරන ලද දීර්ඝ ප්‍රකාශයකට අනුව, නඩු පවරන්නන් විසින් "ස්වයං හානිය" බැහැර කරන බවත් සඳහන් කර තිබෙනවා.
216 Views
Comments