දරුවන් සිවු දෙනකු සමඟ තනිවුණු නූතන පටාචාරාවකගේ කඳුලු කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

දරුවන් සිවු දෙනකු සමඟ තනිවුණු නූතන පටාචාරාවකගේ කඳුලු කතාව

දරුවන් සිවු දෙනකු සමඟ තනිවුණු නූතන පටාචාරාවකගේ කඳුලු කතාව

මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා.  කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා දුක් විඳිනවා යැයි දරුවන් සිවු දෙනකු සමග අසරණව සිටින කැබිතිගොල්ලෑවේ මවක හැඬූ කඳුළින් යුතුව කීවාය. 

 

6 ශ්‍රේණියේ පුතකු, 4 ශ්‍රේණියේ දියණියක සිටින අතර අවුරුදු 02 ක පුතකු හා දින 40 ක පමණ ලේ කැටි පුතකු ද මෙම මවට හදාවඩා ගැනීමට සිදුව ඇත.

 

ඉල්ලාගත් යතුරුපැදියක් පදවාගෙන යද්දී කැබිතිගොල්ලෑව නගරයේ දී පාර හරහා පැනගිය ගවයකුගේ හැපී බරපතල තුවාල ලබා මියගිය පී.කේ.චතුරංග (34) තම ස්වාමියාගේ අවසන් කටයුතු පසුගිය 27 දා සිදු කළේ ද ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නිසා බව එම මව පවසන්නීය.

 

පී. අනුරාධා ස්වර්ණමාලී සිවුදරු මව මෙසේ ද කීවාය.

 

මගේ මහත්තයා එදිනෙදා කුලීවැඩ කරලා තමයි අපිව ජීවත් කළේ. මැයි 12 දා වැඩ කරපු මහත්තයගෙක් සල්ලි වගයක් ඉල්ලා ගන්න තමයි එදා හවස කැබිතිගොල්ලෑව නගරයට ගියේ. ඒ මෝටර් සයිකලය වැඩ කරන තැන එකක්. මගේ මහත්තයා දවස් 13ක් ලෙඩ වෙලා ඉදලා තමයි අනුරාධපුර ඉස්පිරිතාලේ මැරුණේ.

 

මහත්තයගේ අවසන් කටයුතු කැබිතිගොල්ලෑවේ අය එකතුවෙලා කළා. හැම දෙනාම උදව්කළා. මහත්තයගේ මිනිය ගෙදර ගෙන විටත් ලයිට් කපලා. වතුරත් කපලා. අසල්වාසීන්ගේ උදව්උපකාර ඇතිව ඒවා විසදා ගත්තා.

 

මම දන්න විදිහට ලයිට් බිල හතලිස් හතර දහසක් විතර ජල බිල විසි තුන්දහසක් විතර වගේ. මගේ මහත්තයා කුලී වැඩට ගිහින් තමයි අපිට කන්න දුන්නේ. දරුවෝ පාසල් යැව්වේ. හැමදාමත් වැඩ නෑ. ඒ නිසා අපට බිල් ගෙවන්න බැරිවුණා. මොකද අපි දරුවන් සමග ජීවත්වුනේ හරිම ආරුවෙන්

 

බඩගින්නෙ හිටපු අවශ්ථා ඕනතරම්. අපට කුබුරු වතුපිටි නෑ. මේ ගේ කෑල්ල විතරයි. මගේ මහත්තයගේ හත් දවසේ දානය මැයි 30 හා 31 දිනවල. පුලුවන් විදිහට කරනවා.

 

අපි ජීවත්වුනේ කුඩා කටුමැටි ගෙයක. පසුගිය කාලයේ අපිට ගෙයක් හදාගන්න රජයෙන් ලක්ෂ 06ක් දුන්නා. ඒක අරගෙන මහත්තයා මහන්සිවෙලා තමයි මේ ගෙදර භාගෙට හදාගත්තේ. යැයිද ඇය කීවාය.

 

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071 8358 999 ධම්මකිත්ති හිමියන්ගෙන්  වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. අසරණ වූ එකී මවට දුරකථන පහසුකම් නොමැත.

 

පී.අනුරාධා ස්වර්ණමාලා කීර්තිරත්න නමින් කැබිතිගොල්ලෑව මහජන බැංකු ශාඛාවේ අංක 150200130046791 දරන අංකයට ආධාරයක් කිරීමෙන් ඇයට පිහිටක් විය හැකියි

views

405 Views

Comments

arrow-up