“සමහර වෙලාවට අපි වෙනුවෙන් තට්ට තනියම කට්ට කෑවා...” - අනුර - ඉෂාරා කැදැල්ලට දැන් අවුරුදු 9ක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

“සමහර වෙලාවට අපි වෙනුවෙන් තට්ට තනියම කට්ට කෑවා...” - අනුර - ඉෂාරා කැදැල්ලට දැන් අවුරුදු 9ක් (PHOTOS)

“සමහර වෙලාවට අපි වෙනුවෙන් තට්ට තනියම කට්ට කෑවා...” - අනුර - ඉෂාරා කැදැල්ලට දැන් අවුරුදු 9ක් (PHOTOS)

අනුර පතිරණ - ඉෂාරා සඳමිණි කියන්නෙ කවදත් කතාබහට ලක්වන ආදරණීය තරු යුවළක්.

 

දෙන්නත් එක්ක යන සාර්ථක ගමන කාගෙත් අවදානය දිනාගන්න සමත් වූවක් කිව්වොත් හරි.

 

කලාව සහ අනෙකුත් වෘත්තීය කටයුතු එක්ක ගෙවෙන ඔවුන්ගේ ජීවිතේ වෙහෙස නිවන්නෙ දූ ''ඉසස්‍යා''

 

ඒ පුංචි කෙලි පොඩිත්ති තමයි මේ දෙන්නගෙ ලෝකේ.

 

ඔන්න ඉතින් මේ ආදරණීය කැදැල්ලට අද විශේෂ දවසක්. ඒකට හේතුව ඔවුන්ගේ සොඳුරු කැදැල්ලට වසර 9ක් පිරීම.

 

 

ඒ ආදරණීය සැමරුම වෙනුවෙන් ඉෂාරා හරි ලස්සන සටහනක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා...

 

''ඔන්න එහෙනම් අපි බැදලා අවුරුදු 9කුත් උනා..

බලාගෙන ගියාම ලේසි පහසු කාලයකුත් නෙමෙයි. එදා ඉදන් අද වෙනකන් අපි දෙන්නා ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දුන්නා.

ඔය අතර වාරයේ පුන්චි කෙලි පොඩිත්තෙකුත් අවුරුදු 6කට කලින් අපි අතරට ආවා.

 

 

ඉතින් අදත් මට ඔයාට කියන්න තියෙන්නේ එදා වගේම ගොඩාක් ආදරෙයි.

මේ අල්ලගෙන හිටියා වගේම මැරෙනකන්ම මාව අතින් හයියෙන් අල්ලන් ඉන්න.

මොකද ඔයා නැතුව මට තනි ජීවිතයක් නෑ.

ඉතින් ආයෙ ආයෙත් මහ ගොඩාක් ආදරෙයි.

Happy Anniversary my Love''

 

 

ඒ වගේම අනුරත්, දිනූ ආදරේ ගැන කියන්න මෙහෙම සටහනක් තබා තිබුණා.

 

''ඉතිං මෙහෙම වෙලා අවුරුදු 09ක්ම ගියා...

දුක සතුට, ජය, පරාජය ඔක්කොම අස්සේ... ඒවා විදදරාගෙන මේ ගමන එන්න ඔයා මා එක්කම හිටියා....

මම වැටුනු වෙලාවට ඔයා මා එක්කම වැටෙන්නේ නැතිව - මට නැගිටින්න උදව් කලා...

මම දුවන වෙලාවට මට හති වැටෙන්න කලින් මගේ වේගය පාලනය කලා...

සමහර වෙලාවට අපි වෙනුවෙන් තට්ට තනියම කට්ට කෑවා...

ඔක්කොම දෙවල් එක්ක අපෙ පුංචි මැණික් කැටේ ලස්සනට බලා ගත්තා....

ඉතිං මහ ගොඩක් ආදරෙයි.... මෙහෙම්ම මේ ගමන යං... දරාගේන යං....

තව ලස්සනම ලස්සන වැඩක් මේ Anniversary එකටත් කරා තව පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ

ඉතින් එදා මෙදා තුර හැමදේකදිම අපිට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි පින්.''

 

 

views

724 Views

Comments

arrow-up