“ගොඩක් දරුවො ඉන්න අම්මෙක් වෙන්න ආස ගෑනියෙක්ට ඒ හීනෙ හැබෑ වෙන්නම ඕන..” - ජීවිතයේ සුවිශේෂි මොහොතක මාධවීගේ ආදරණීය පැතුම (PHOTOS)

ජීවිතේ සුවිශේෂී ම මොහොතක ආදරණීය සුබපැතුම් වගේම එල්ල වන විවේචනත් සම සිතින් දරාගෙන හිනාවෙන යුවතියකි, මාධවී ඇන්තනී.
ඈ කවදත් තමන් විෂයෙහි එල්ලවන චෝදනාවන්ට, විවේචනවලට උත්තර දුන්නේ නිහඬවම.
මාධවී ගැන කතාබහ අළුත් වන්නේ ඇය යළි විවාහ වීමට තීරණය කිරීමත් එක්ක.
විවාහය කියන්නෙ යුවතියකගේ ජීවිතයේ ''ලස්සනම දවස''
තමන් හදවතින් ම ආදරය කරන කෙනා එක්ක ජීවිතේ ඉතුරු කාලය ගෙවන්න පොරොන්දු දෙන ඒ දවස විශේෂ වීම, ලස්සන වීම අහන්නත් දෙයක්ද.
ඉතින්, මාධවීගේ සිහින මංගල්‍යයත් මේ තරම් අපූරුවට හැඩවෙලා තිබුණේ ඒකයි.
එහෙම යළි විවාහ වුණු ඇයට ලැබෙන සුබපැතුම්, ඈ නමට ලියවෙන සමාජ මාධ්‍ය සටහන් අතර කාගෙත් කතාබහට ලක්වුණු සටහනකි මේ....
''ඉතිං මාධවී බැන්දා නේද ආයෙත්....
මං ඔයාගෙ අක්කා හරි නංගි හරි වුණා නම්
අද මම ඔයාට කියන්නෙ මොනවද දන්නවද..
මේ පාර ඔයාට හරියටම හරියන්න ඕන රත්තරනේ..
අපි කවුරුත් බඳින්නෙ මුළු ජීවිත කාලයම එකට ඉන්න හිතාගෙන.
කවුරුවත් බඳිනකොට හිතන්නෑ "මම අවුරුද්දෙන් ඩිවෝස් වෙනවා. ඊට පස්සෙ තව කෙනෙක් බඳිනවා.. ඊට පස්සේ ආපහු ඩිවෝස් වෙනවා" කියලා.
ඔව් ,අපි ඔක්කොම බඳින්නෙ හැමදාම එකට ඉන්න. මැරෙනකම් එකට ජීවත් වෙන්න.
ඒ වෙඩින් පොටොවල අපි හිනාවෙන්නෙ බොරුවට නෙවෙයි. අපි බැන්ද කෙනාව අගේ කරන්නෙ බොරුවට නෙවෙයි .
අවාසනාවට අපිට සිද්ධ වෙනවා ඒ ඔක්කොම මතක විතරක් විදියට අතීතෙට පවරලා වෙන් වෙන්න. ඩිවෝස් වෙන්න...
ඉතිං මොකද කරන්නෙ. මැරෙන්නද..
ජීවිතේ තව එහෙමමනෙ..
මේ ඉස්සරහට යන ගමන්.
කවුරුවත් ආසාවට දෙතුන් පාරක් බඳින්නෙ නෑ.
වේසකමට නම් කරන්නෙ බඳින්නෙ නැතුවම හිතෙන හිතෙන එකා එක්ක ඉන්න එක කියන එක මිනිස්සුත් දන්නවා.
ඒත් එයාලා ඔහේ කුණු කතා කියනවා. ඒවා අපි එච්චර හිතන්න ඕන නෑ.
ඉතිං...
මේ පාර ඔයාට හරියටම හරි යන්න ඕන කියන එක මගේ මුළු හදවතේම එකම පැතුම.
හැබැයි ඇත්තක් කියන්නද..
සමහර විට ඔය මිනිස්සු කියනවා වගේ ඔයාට මේ පාරත් වරදින්නත් පුළුවන්. ලෝකෙ මොනවද වෙන්න බැරි?
ඉතිං මාධවීයේ
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයාට හරිගියත් මොකක් හරි හේතුවකට මේ පාරත් වැරදුණත්...ඉතිං මම නම් ඔයාට ආදරෙයි.
ඔයා මොන තරම් දක්ෂ ,ප්‍රබල ආශ්චර්‍යමත් මනුස්සයෙක්ද..
ඔයාට හරිගියත් වැරදුණත් ඔයා "මාධවී ඇන්තනී " කියන එක වෙනස් නොවෙන නිසා ඔයාට ආදරෙයි මාධවී.
මට මතකයි ඔයා කොතනක හරි කිව්වා "අම්මට වඩා දරුවො ඉන්න ඕන මට කියලා හීනයක් තිබ්බා " කියලා..
පවුල් පන්සල් වෙන්නම ආස ගෑනියෙක්ට ගොඩක් දරුවො ඉන්න අම්මෙක් වෙන්න ආස ගෑනියෙක්ට ඒ හීනෙ හැබෑ වෙන්නම ඕන..
ඔයාට ලස්සන පවුලක් ලැබෙන්න ඕන.
දැන් ඔයාගෙ හිනාව ඉස්සරට වඩා ගොඩාක් ලස්සනයි ..
ඉතිං සුබ මංගළම් මාධවී..
..සුබ මංගළම්..''
පහතින් අමුණා ඇත්තේ කසුන් - මාධවී විවාහ මංගල්‍ය වෙනුවෙන් පැවති මෙහෙන්දි උත්සවයේ සේයා රූ එකතුවයි...
11433 Views
Comments